01st July 2019 20:37:46 Hours
08th June 2019 21:54:31 Hours
2019.05.06 වන දින හෝරා 0925 ට බොරලංකඩ ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයේදී බනි 1 කේඑම්ජීඑම් උදයබංඩාර (විශ්‍රාමික) යන බළලත් නිලධාරිගේ ආදරණීය පුතණුවන්ගේ අකල් වියෝව සිහිපත් කරමින් නවතමයෙන් ඉදිකරන ලද මහා චෛත්‍යරාජායනන් වහන්සේ, දායක සභාවේ සහ සංඝයා වහන්සේලාගේ ආරාධනයෙන් භකාස අණසක ආඥාපති මෙන්ම ශ්රීලයුහපොහේබ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.
08th June 2019 21:48:28 Hours
05th June 2019 10:55:57 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ රෙජිමේන්තු බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා මුල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 29 වන රෙජිමේන්තු දින සංවත්සරය නිමිතිකොටගෙන 2019/05/30 දින සම්මාන මුරයක්, සම්මාන පෙලපාලියක් පැවැත්වීම මෙන්ම බළකාධිපති විසින් සියලු නිලයින් ඇමතීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහය හා බලලත් නිලධාරි/සැරයන් නිවස්නයේ නේවාසික පහසුකම් සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරිමද සිදු කරන ලදි.
02nd May 2019 19:04:33 Hours
රෙජිමේන්තුව තුල සිටින සෙනින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරිම හා ඒකක වලට පුහුණු කිරිම අරමුණ කර ගනිමින් කොණ්ඩා කැපීම් හා රූපලාවන්‍ය ශිල්පී පාඨමාලාවක් 2019/04/27 වන දින බලකාධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ සංකල්පයකට අනුව රෙම: ශී්රලයුහපොහේබහිදි ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව සඳහා මෙම රෙජිමේන්තුවේ සිටින කොනොනින් හා කොනොනිවරියන් 13 දෙනෙකු සහභාගි වන ලද අතර 2019.04.27 වන දින සිට 2019.06.20 වන දින දක්වා පැවැත්වේ.
26th April 2019 08:26:57 Hours
වර්ෂ 1990 අපේ‍්‍රල් මස 19 වන දින ආරම්භ කරන ලද අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 29 වන රෙජිමේන්තු දිනයට සමගාමීව පවත්වන්නට යෙදුන උත්සව මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් 2019 අප්්රල් මස 19 වන දින බෝධි පුජා පිංකමක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ස්ථාපිත බුදු මැදුර අභියස මෙම පිංකම පවත්වන ලදි.
26th April 2019 08:21:48 Hours
සිංහල හා හින්දු නව අවුරුදු උදාව සැමරීම නිමිති කොටගෙන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය, 1 වන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා විශේෂ විමර්ෂන ඒකකයේ රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිලයින් එක්ව තේ පැන් සංග්‍රහයක් 2019 අපේ‍්‍රල් මස 18 වන දින පවත්වන්නට යෙදුනි. මෙම තේ පැන් සංග්‍රහය සඳහා භකාස ආඥාපති මෙන්ම, ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදි.
24th April 2019 14:31:05 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල රාජකාරි කරනු ලබන නිලධාරි හා සෙසුනිලයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් බලකාධිපති තුමාගේ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිරිකරන ලද බේකරිය 2019 අප්්රල් මස 18 වන දින මධ්‍යස්ථාන සේනාවිධායකගේ ආරාධනය පරිදි භකාස ආඥාපති මෙන්ම, ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.
24th April 2019 14:17:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවා ඒකකයන්හි පරිපාලන කටයුතු සඳහා සෘජුවම දායක වන භඨකාර්ය සම්පාදන ආඥා මූලස්ථානයෙහි භකාස ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්ප්‍රදායානුකූලව 2019 අප්‍රේල් මස 17 වන දින තම නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි
23rd April 2019 09:26:50 Hours
යුද හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි 2019 මාර්තු මස 22 වන දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ති්රපිඨකාභිවන්දනා බෞද්ධ ආගමික වැඩසටහනක් පවත්වන ලද අතර. මේ සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, අනි - විවිඒ, අනි - 1 ශී‍්‍රලයුහපොහේබ ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදි