07th January 2019 11:38:31 Hours
යුද්ධ හමුදා පොලිස්හේවා බලකායේ 12 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වශයෙන් රාජකාරි කරණ ලද කර්නල් ඒඑස්පි පොඩිරාළහාමි යූඑස්පි ජේ්‍යෂ්ඨ නිලධාරි 2019.01.02 වන දින එම තනතුරෙන් නික්මයන ලද අතර, ඒ වෙනුවෙන් කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක්, හා සියලූ නිලයින් ඇමතීම සහ සියලූ නිළ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලූව නිළධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.
07th January 2019 11:27:57 Hours
2019 නව වර්ෂයේ රාජකාරි ආරම්භ කිරිමට ප්‍රථම ශ්‍රී ලංකා ජනරජය විසින් නිකුත් කරන ලද වැඩ ආරම්භ කිරිමේ ප්‍රතිඥාව කියවීම 2019 ජනවාරි මස 01 වන දින සිදුකරන ලදි. මෙම උත්සවය සදහා මධ්‍යස්ථාන සේවා විධායක තුමා ඇතුලු නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගිවිය. පසුව බලකාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.
07th January 2019 11:11:33 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත 2017/06/27 දින සිට 2018/08/31 දින අතර, කාලසීමාව තුල රාජකාරි ඉටුකරන ලද දැනට විශ්‍රාමිකව සිටින පහත නම් සදහන් රෙසැමේ වරුන් වසර 22 ක කාලයක් තුල සිදුකල අනුපමේය මෙහෙවර වෙනුවෙන් 2018/12/21 වන දින ප්රණාම සහතික පත් ප්‍රධානෝත්සවයක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි මෙම රෙජිමේන්තු බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
බනි 1 ජිආර්ඩබ්පි විමලසිරි බනි 1 සි ගුණසේකර බනි 1 ඒඒ කුමාරසිංහ යූඑස්පි
07th January 2019 10:58:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආරම්භක සාමාජිකයා වන 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 69 වන සංවත්සරය ආගමික කටයුතු සදහා මුල්තැන දෙමින් 2018 දෙසැම්බර් මස 20 වන දින සම්මාණ මුරයක්, සම්මාණ පෙළපාලියක් හා සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් සමන්විත විය. මෙම උත්සවය සනිටුහන් කිරිම සදහා අණදෙන නිලධාරි විසින් පැලක් රෝපනය කරන ලදි.
24th December 2018 08:48:41 Hours
3 ශී‍්‍රලයුහපොහේබ 27 වන ඒකක දින සංවත්සරය වෙනුවෙන් වන රෝාපා රුක් රෝපණ වැඩසටහනට සමගාමීව 2018/12/10 වන දින පෙරවරුවේ ගල්කුලම ඔරලෝසු කණුව අසල සිට නාච්චාදුව හන්දිය අසල මාර්ගය දෙපස කුඹුක් පැල 250 ක් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය මත රෝපණය කරන ලදී
06th December 2018 11:24:19 Hours
දන් දීම හෙල සංස්කෘතියේ එදා සිට පැවත එන උතුම් පුන්‍ය කර්මයකි. එය අදද නොමියව පවතින බවට මෙය කදිම නිදසුනකි. අකාලයේ මරු තුරුලට යන අහිංසක ජීවිත දහස් ගනනක් ජීවත් කිරීමට ඔබ අප ලබා දෙන ඒ කුඩා ලේ බිදුවට හැකිය.
24th November 2018 12:53:15 Hours
23rd October 2018 13:09:36 Hours
44 වන විනයාරක්ෂක පාලඨමාලාව වෙත අයත් බළලත් නිලධාරි සහ ජ්‍යෙකොනොනීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත කරන ලද අමිල මෙහෙවර අගය කිරිම වස් ඔවුන් හට කෘතගුන දැක්වීම සදහා 2018 ඔක්තෝබර් මස 19 වන දින විශ්‍රාමික සාදයක් බනි සැරයන් නිවස්නය වෙතින් සංවිධානය කරන ලදි. මෙම උත්සවය සදහා අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයාරක්ෂරකාධිපති වන බ්‍රිෙග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු අතර, එමෙන්ම මෙම උත්සවය සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික බළලත් නිලධාරි සහ ජ්‍යෙකොනොනීන් හා ඔවුන්ගේ ඥාතීන්ද සහභාගි වන ලදි.
08th October 2018 15:34:16 Hours
2 වන ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායේ 27 වන ඒකක දින සංවත්සරයේ සමාරම්භය වශයෙන් 2018/09/29 වන දින ඒකක අණදෙන නිළධාරි වන ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලූ සියලූ නිළධාරි හා සෙසු නිළයින්ගේ දායකත්වයෙන් සෝමාවතිය පුද බිමේදි මහ සෑ වන්දනාවක් පැවැත්වු අතර එහිදි දහසක් බුදු පිළිම වහන්සේලා පූජාව, දහසක් පැන් පාත්‍ර පූජාව, දහසක් ඖෂධ පූජාව, දහසක් මල් වට්ටි, පහන් පූජාව, රක්ත වර්ණයෙන් යුත් කංඡුුක පූජාව, හා විදුලි ආලෝක පූජාවක් සිදු කරන ලදි. තවද 2018/09/30 වන දින ඒකක බළ ප්‍රදේශයේ ජනතාව වෙත බුදු පිළිම වහන්සේලා දහසක් බෙදා දීමද සිදු කරන ලදි
08th October 2018 15:25:30 Hours