Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th September 2020 11:11:53 Hours

මධ්‍යස්ථාන සේනාවිධායකගේ 7 ශ්‍රීලයුපොහේබ සංචාරය හා පාලන පරික‍ෂණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන මධ්‍යස්ථාන සේනාවිධායක වන කර්නල් බි එල් ආර් බමුණුසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තනතුර භාර ගැනිමෙන් පසු 2020 සැප්තැම්බර් මස 12 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කල අතර, ඒකක අණදෙන නිලධාරි මේජර් එස්පී කස්තුරිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව සම්මාන මුරයක් ප්‍රධානය කරන ලදි. පසුව සංචාරය සිහිවීම පිණිස කඳවුරු භූමියේ පැළයක් සිටුවා, සමූහ ඡායාරූපයක්, අණදෙන නිලධාරි විසින් ඒකකය පිළිබද සවිස්තරාක්මක ඉදිරිපත් කිරීමක් හා සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වා කඳවුරු සංචාරයක් සිදු කර ඒකකයේ පාලන පරික‍ෂණයට සහභාගි වූ විය. අනතුරුව මෙම වැඩසටහන් මාලාව නිලධාරි නිවස්නයේ සූදානම් කර තිබු දිවා භෝජන සංග්‍රහයෙන් නිමා විය.