23rd October 2018 13:09:36 Hours
44 වන විනයාරක්ෂක පාලඨමාලාව වෙත අයත් බළලත් නිලධාරි සහ ජ්‍යෙකොනොනීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත කරන ලද අමිල මෙහෙවර අගය කිරිම වස් ඔවුන් හට කෘතගුන දැක්වීම සදහා 2018 ඔක්තෝබර් මස 19 වන දින විශ්‍රාමික සාදයක් බනි සැරයන් නිවස්නය වෙතින් සංවිධානය කරන ලදි. මෙම උත්සවය සදහා අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයාරක්ෂරකාධිපති වන බ්‍රිෙග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු අතර, එමෙන්ම මෙම උත්සවය සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික බළලත් නිලධාරි සහ ජ්‍යෙකොනොනීන් හා ඔවුන්ගේ ඥාතීන්ද සහභාගි වන ලදි.
08th October 2018 15:34:16 Hours
2 වන ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායේ 27 වන ඒකක දින සංවත්සරයේ සමාරම්භය වශයෙන් 2018/09/29 වන දින ඒකක අණදෙන නිළධාරි වන ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලූ සියලූ නිළධාරි හා සෙසු නිළයින්ගේ දායකත්වයෙන් සෝමාවතිය පුද බිමේදි මහ සෑ වන්දනාවක් පැවැත්වු අතර එහිදි දහසක් බුදු පිළිම වහන්සේලා පූජාව, දහසක් පැන් පාත්‍ර පූජාව, දහසක් ඖෂධ පූජාව, දහසක් මල් වට්ටි, පහන් පූජාව, රක්ත වර්ණයෙන් යුත් කංඡුුක පූජාව, හා විදුලි ආලෝක පූජාවක් සිදු කරන ලදි. තවද 2018/09/30 වන දින ඒකක බළ ප්‍රදේශයේ ජනතාව වෙත බුදු පිළිම වහන්සේලා දහසක් බෙදා දීමද සිදු කරන ලදි
08th October 2018 15:25:30 Hours
21st September 2018 10:12:04 Hours
යුද්ධ හමුදා මුලස්ථානයෙහි උපදෙස් පරිදි මෙම රෙජිමේන්තුව වෙත අයත් සියලුම නිලධාරින් සඳහා 2018 සැප්තැම්බර් මස 18 වන දින විශේෂ පුහුණුවීම් දිනයක් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙම පුහුණුවීම් වැඩසටහන 2 ශ්රීලයුහපොහේබ ඒකකය වෙතින් සංවිධානය කරන ලද අතර, මෙම පුහුණුවීම් වැඩසටහන සඳහා බලකාධිපති ඇතුලු නිලධාරින් විශාල පිරිසක් සහභාගිවිය.
21st September 2018 10:07:43 Hours
යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2018 සැප්තැම්බර් මස 14 වන දින 6 ශ්රීලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී. 6 ශ්රීලයුහපොහේබ ඒකකය වෙත පැමිණි බලකාධිපති තුමන් ඒකකයේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් එම්එම්ඩබ් රූපසිංහ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව බලකාධිපති වෙත කදවුරු මුරයක් පිරිනමන ලදී./P>
21st September 2018 09:55:51 Hours
මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පි පොඩිරාළහාමි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අගෝස්තු මස 21 වන දින 6 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී. 6 ශී‍්‍රලයුහපොහේබ ඒකකය වෙත පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඒකකයේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් එම්එම්ඩබ් රූපසිංහ යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත කදවුරු මුරයක් පිරිනමන ලදී.
11th September 2018 09:36:07 Hours
රණවිරු රියල් ස්ටාර් පස්වන මෙහෙයුමේ නිවාස ප්‍රධානෝත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ 2018.08.13 වන දින හෝරා 1600 ට හොරණ, මදුරාවල ප්රබුද්ධ රණවිරු ගම්මානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා මෙම රෙජිමේන්තුවේ රාජකාරී කරනු ලබන ලාකෝ සශිකලා ඩබ්ජිඩි - 1 ශ්රීලයුහපොහේබ කාන්තා සෙබළිය හට හිමි නිවසේ යතුර එදින භාරදෙන ලදි.
05th September 2018 23:49:31 Hours
විශේෂ විමර්ශන ඒකකයෙහි 21 වන ඒකක දින සංවත්සරය 2018.06.06 වන දිනට යෙදි තිබූ අතර එයට සමගාමීව වැඩසටහන් මාලාව සිදු කරන ලදි. 2018.06.04 වන දින අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට සාරිපුත්තාරාම විහාරස්ථානයේදි බෝධිපූජා පිංකමක් පවත්වන ලද අතර, 2016.06.06 වන දින අණදෙන නිලධාරි වෙත සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර සියළු නිල තේ පැන් සංග්‍රහයක් ද, 2018.06.09 වන දින අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් කුකුලේ ගග නිවාඩු නිකේතන ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි කි‍්‍රකට් තරගයක් පවත්වන ලදි.
28th August 2018 14:58:57 Hours
යුද හමුදා පොලිස් පාසල හි 18 වන ඒකක දින සංවත්සරය 2018.08.13 වන දිනට යෙදි තිබූ අතර එයට සමගාමීව වැඩසටහන් මාලාව සිදු කරන ලදි. 2018.08.11 වන දින පස්වරුවේ ආගමික වතාවත්වලට මුල්තැන වසර 18 ක් සපිරුණු පුහුණු පාසල් සංවත්සර දිනට ආශිර්වාද එක්කරමින් දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං අනුමෝදම් කිරිම හා සෙත් පැතීම මෙන්ම මෙම රෙජිමේන්තුවේ සියලූම අයවලූන් හට සෙත් පැතීම සඳහා සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් කඳවුර ඉදිරිපිට බෝධින් වහන්සේ අභියසදි බුද්ධ වන්දනා වැඩසටහනක් පවත්වන ලද අතර, 2018.08.13 වන දින සේනාවිධායක වෙත සම්මාන මුරයක් පිරිනමන ලද අතර එය සනිටුහන් කරමින් සේනාවිධායක විසින් පැළ රෝපණය කිරිමක්ද සිදුකරන ලදී. ඉන් අනතුරුව සංවත්සර දිනය නිමිත්තෙන් සියළු නිල දිවා භෝජන සංගර පැහයක් එක්වු අතර පුහුණු පාසල් කාර්්‍ය මණ්ඩලය සමගින් සමූහ ඡුායාරූපයක් සඳහාද එක්වන ලදී.
15th August 2018 18:48:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන්, ලුතිතන් කර්නල් ජේඑස් මුණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අගෝස්තු මස 15 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.