Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

25th August 2020 17:17:06 Hours

විශේෂ විමර්ශන ඒකකයේ 23 වන ඒකක දින සංවත්සරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකයේ 23 වන ඒකක දින සංවත්සරය 2020/06/06 වන දිනට යෙදි තිබු අතර, එවකට රටෙහි පැවැති අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සංවත්සර දිනය පැවැත්වීමට නොහැකි විය. අනතුරුව 23 වන ඒකක දින සංවත්සරය දිනට සමගාමීව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2020/08/21 වන දින රෙම ශ්‍රීලයුපොහේබ කඳවුරු භූමියේ ස්ථාපිත බුදු මැදුර අභියසදී බෝධි පූජා පිංකමක් සිදු කරන ලදී. පසුව 2020/08/24 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව එම ඒකකයේ අණදෙන නිළධාරි වන කර්නල් ඒ එම් ආර් අබේසිංහ යන යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.