11th April 2018 12:38:34 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් පවත්වන ලද තවත් එක් සුවිශේෂී පාඨමාලාවක් වු "යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාවේ" පලමු වන අධියර 2018 අප්‍රේල් මස 09 වන දින සාර්තකව නිමාවට පත්කර ලදි. පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු ද, සෙසුනිලයින් 53 දෙනෙකුද සහභාගිවූ අතර, මෙම පාඨමාලාව කෙටි කාලීන පඨමාලාවක් වශයෙන් පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් බලකාධිපති මෙන්ම විනයාරක්ෂාධිපති වන බ්‍රිගේඩියර් ඩි කේ ජි ඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය. පාඨමාලාවේ අවසානය සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.
07th April 2018 12:20:00 Hours
අන්තර් ඒකක රග්බි තරගාවලිය, 2018 අප්‍රේල් මස 06 වන දින කුරේ උද්‍යානය, වැල්ලවත්තේදි පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභගිවිය. අවසන් තරගය සඳහා මුහුණුදුන් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ශූරතාවය දිනාගත් අතර, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම අනුශූරයන් බවට පත්විය. මෙහි අවසන් තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නිළධාරි හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය.
06th April 2018 10:58:58 Hours
2018 අපේ‍්‍රල් 01 දින සිට 2018 ඔක්තෝබර් 01 දින දක්වා ජනාධිපති ආරක්ෂක සම්මාන මුර රාජකාරිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙතින් භාර ගන්නා ලදී.
06th April 2018 10:53:12 Hours
28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව මියගිය රණවිරුවන් සිහිකිරිමේ උත්සවය ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති බි්රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් 2018 මාර්තු මස 29 වන දින 2 ශී‍්‍රලයුපොහේබ - ගිරිතලේ හිදි පවත්වන ලදී.
06th April 2018 10:47:41 Hours
විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ මග පෙන්වීම යටතේ පවත්වනු ලබන යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද වූ සංස්කරන පාඨමාලාවන්හි පලමු අධියර 2018 මාර්තු මස 26 වන දින බලකාධිපති මෙන්ම විනයාරක්ෂකාධිපති වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
06th April 2018 10:41:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අමිල මෙහෙවරක් ඉටුකරන ලද 41, 42 සහ 43 වන විනයාරක්ෂකයින් වෙනුවෙන් 2018 මාර්තු මස 23 වන දින විශ්‍රාමික සාදයක් පවත්වන ලදි. මෙම සාදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයරක්‍ෂකාධිපති වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක හා ශ්රීලයුහපොහේබ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය. තවද, මෙම උත්සවය සඳහා විශ්‍රාමික විනයාරක්ෂකයින්ගේ පවුල් වල සමාජිකයින්ද සහභාගි විය.
26th March 2018 10:54:58 Hours
රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වනු ලැබු රණවිරු සුවද සම්මාන ප්රධානෝත්සවයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2017 ඔක්තෝබර් මස 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේදි පවත්වන ලදි. එම තරගය නියෝජනය කරමින් මෙම රෙජිමේන්තුව වෙතින් චිත්‍ර අංශයෙන් ඉදිරිපත් වු සෙ/676486 කෝප්රල් පුෂ්පකුමාර කේකේඑම් - 5 ශ්රීලයුහපොහේබ යන කොනොනි විශිෂ්ඨ කුසලතා දක්වන ලදි.
14th March 2018 17:48:47 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අනුමත සංස්ථාව තුල ඒකක/යුහපොපා හි රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරු හා සරඹ උපදේශකවරුන් ලෙස පහත නම් සඳහන් බලලත් නිලධාරීන් පත්කර ඇත.
13th March 2018 23:56:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි සබැදිව සන්ඩේ ඔබ්සර්වර් (Sunday Observer) පුවත්පතේ 2018 ජනවාරි මස 21 වන දින පලවු ලිපිය
09th March 2018 14:21:37 Hours
නිල උසස් කිරීම බලලත් නිලධාරි I
මෙම රෙජිමේන්තුව වෙත අයත් බලලත් නිලධාරි II නිලයේ අයවලුන් 16 දෙනෙකු 2018 පෙබරවාරි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි බලලත් නිලධාරි I නිලය සදහා උසස් කර ඇත.