11th September 2018 09:36:07 Hours
රණවිරු රියල් ස්ටාර් පස්වන මෙහෙයුමේ නිවාස ප්‍රධානෝත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ 2018.08.13 වන දින හෝරා 1600 ට හොරණ, මදුරාවල ප්රබුද්ධ රණවිරු ගම්මානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා මෙම රෙජිමේන්තුවේ රාජකාරී කරනු ලබන ලාකෝ සශිකලා ඩබ්ජිඩි - 1 ශ්රීලයුහපොහේබ කාන්තා සෙබළිය හට හිමි නිවසේ යතුර එදින භාරදෙන ලදි.
05th September 2018 23:49:31 Hours
විශේෂ විමර්ශන ඒකකයෙහි 21 වන ඒකක දින සංවත්සරය 2018.06.06 වන දිනට යෙදි තිබූ අතර එයට සමගාමීව වැඩසටහන් මාලාව සිදු කරන ලදි. 2018.06.04 වන දින අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට සාරිපුත්තාරාම විහාරස්ථානයේදි බෝධිපූජා පිංකමක් පවත්වන ලද අතර, 2016.06.06 වන දින අණදෙන නිලධාරි වෙත සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර සියළු නිල තේ පැන් සංග්‍රහයක් ද, 2018.06.09 වන දින අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් කුකුලේ ගග නිවාඩු නිකේතන ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි කි‍්‍රකට් තරගයක් පවත්වන ලදි.
28th August 2018 14:58:57 Hours
යුද හමුදා පොලිස් පාසල හි 18 වන ඒකක දින සංවත්සරය 2018.08.13 වන දිනට යෙදි තිබූ අතර එයට සමගාමීව වැඩසටහන් මාලාව සිදු කරන ලදි. 2018.08.11 වන දින පස්වරුවේ ආගමික වතාවත්වලට මුල්තැන වසර 18 ක් සපිරුණු පුහුණු පාසල් සංවත්සර දිනට ආශිර්වාද එක්කරමින් දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං අනුමෝදම් කිරිම හා සෙත් පැතීම මෙන්ම මෙම රෙජිමේන්තුවේ සියලූම අයවලූන් හට සෙත් පැතීම සඳහා සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් කඳවුර ඉදිරිපිට බෝධින් වහන්සේ අභියසදි බුද්ධ වන්දනා වැඩසටහනක් පවත්වන ලද අතර, 2018.08.13 වන දින සේනාවිධායක වෙත සම්මාන මුරයක් පිරිනමන ලද අතර එය සනිටුහන් කරමින් සේනාවිධායක විසින් පැළ රෝපණය කිරිමක්ද සිදුකරන ලදී. ඉන් අනතුරුව සංවත්සර දිනය නිමිත්තෙන් සියළු නිල දිවා භෝජන සංගර පැහයක් එක්වු අතර පුහුණු පාසල් කාර්්‍ය මණ්ඩලය සමගින් සමූහ ඡුායාරූපයක් සඳහාද එක්වන ලදී.
15th August 2018 18:48:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන්, ලුතිතන් කර්නල් ජේඑස් මුණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අගෝස්තු මස 15 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
14th August 2018 12:23:49 Hours
2018.08.06 වන දිනට යෙදි තිබු ශුභ මොහොතින් ආගමික වතාවත් ඉටු කරමින් 1 ශ්රීලයුහපොහේබ නව අණදෙන නිලධාරි ලෙස නි/63368 ලුතිතන් කර්නල් අයි ආර් හන්තානෙආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වැඩ භාර ගන්නා ලද අතර ,එතුමන් හට සම්මාන මුරය,සම්මාන පෙළපාලිය හා සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි, තවද එම ශුභ මොහොත සිහිවීම සදහා කදවුරු භුමිය තුල පැළයක් රෝපණය කරන ලදි .
09th August 2018 18:50:47 Hours
2018.08.03 වන දින ශුභ මොහොතින් ආගමික වතාවත් ඉටු කරමින් 4 ශී‍්‍රලයුහපොහේබ නව අණදෙන නිලධාරි ලෙස මේජර් කේඒකේඑස් ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාර ගන්නා ලද අතර, එතුමන් හට සම්මාන මුරයක් හා සියළු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. තවද එම ශුභ මොහොත සිහිවීම පිණිස කඳවුරු භූමිය තුල පැළයක් රෝපණය කරන ලදී.
09th August 2018 18:33:17 Hours
වසර එක හමාරක පමණ කාලයක් 4 ශ්රීලයුහපොහේබ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි ඉටු කරන ලද ලුතිතන් කර්නල් අයිආර් හන්තානෙආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2018.08.02 වන දින එම තනතුරෙන් සමුගෙන 1 ශ්රීලයුහපොහේබ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි භාර ගැනීමට සඳහා පිටව යන ලදී. අණදෙන නිලධාරි තනතුරට සමුදීම හා සේවය ඇගයීම වස් එතුමන් හට සම්මාන මුරයක්, සම්මාන පෙලපාලියක් හා සියලු නිල තේ පැන් සංග්‍රහයක් පිරිනමන ලදී.
31st July 2018 08:45:47 Hours
මෙම රෙජිමේන්තු සංස්ථාව වෙත අයත් ජ්‍යෙකොනොනීන් 58 දෙනෙකු බළලත් නිළධාරි II නිලය වෙත 2018/05/04 වන දින උසස් කිරිම් සිදු කර ඇත.
08th July 2018 20:56:39 Hours
28th June 2018 23:20:14 Hours
73 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති වන බි්රග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පවත්පවන ලදී පසුව සියළු නිළයින් අමතන ලද ලද අතර සියළු නිළ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
ඒදින සන්ධ්‍යාවේ අලංකාරවත් සංගිත සංදර්ශණයක්ද පවත්වන ලදී. ඒ් සඳහා ජනප්‍රිය ගායක/ගායිකාවන් රැසක්ද සහභාගි විය