09th February 2018 08:42:30 Hours
ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අභිමානයක් එක්කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ සැරයන් මේජ්ර් වශයෙන් මෙම රෙජිමේන්තුව වෙත අයත් සෙ/676369 බනි 1 ඩබ්එම්එස්පී විජේසිංහ නව පත්වීම් ලැබීය
09th February 2018 08:38:59 Hours
ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති බි්රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 ජනවාරි 09 දින 2 ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයේ සංචාරයක් සිදුකරන ලදි. මෙහිදි 2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක විසින් පිළිගැනිමෙන් අනතුරුව වර්ණවත් කඳවුරු සම්මාන මුරයක් පිනමන ලදි. 2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කඳවුර වෙත විශාල අඩුපාඩුවක්ව පැවති කාන්තා භඨ නිවාසය විවෘත කිරිම බලකාධිපතිගේ සුරතින් සිදුවිය. ඉන්පසු එම භූමියේ සංචාරයේ මතක සටහනක් වශයෙන් අඹ පැලයක් රෝපනය කිරිම සිදුකරන ලදි.
09th February 2018 08:35:19 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති මෙන්ම ශ‍්‍රිලයුහපොහේබ රෙජිමේන්තු බළකාධිපති බි්රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි තුමන් 2018 ජනවාරි 09 වන දින යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි සංචාරය සිකරන ලදි. යුද්ධ හමුදා පොලිස් පාසල වෙත සපැමිණි විනයාරක්ෂකාධිපති තුමන් යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසල් සේනාවිධායක ලූතිතන් කර්නල් ඩිඑම්ඒ බණ්ඩාර විසින් පිළිගැනිමෙන් අනතුරුව කදවුරු මුරයක් පිරිනමන ලදි. පසුව යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව විවෘත කිරිමෙන් අනතුරුව පුහුණු පාසල් සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදි. තවද, නවතමයෙන් ටයිල් අතුරා නවීකරණය කරන ලද යුහපොපා කෝප්රල් සමාජ ශාලාවේදී සියලු නිළයින් ඇමතිමෙන් පසු සේනාවිධායක ඇතුලු සියලූ නිළයින් විසින් සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහය සදහා සහභාගිවීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් පාසලේ කාර්ය මණ්ඩලය සමග සමුහ ඡුායා රූපයකටද සහභාගි වී බලකාධිපති තුමන්ගේ යුහපොපා සංචාරය නිමා කරන ලදි.
09th February 2018 08:31:40 Hours
2018 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලූ නිලයින් විසින් නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරිම මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පී පොඩිරළහාමි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදි 2017 වර්ෂයේදි ශ්රීලයුහපොහේබ නිලධාරි හා සෙසු නිලයින්ගේ අභිවෘධිය වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් හා යුද හමුදාව වෙතින් නිකුත් කර ඇති නියෝග හා උපදෙස් සබැදිව සිහිපත් කිරිමක් සිදුකරන ලදි.
09th February 2018 08:28:28 Hours
ශී‍්‍රලයුපොහේබ බලකාධිපති බි්රගේඩියර් ඞීකේජීඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සංවිධානය කල ඒකක ගිණුම්කරණ පාඨමාලාව 04 වන අධියර 2018.01.02 වන දින ආරම්භ කරන ලද අතර, බලකාධිපති විසින් පාඨමාලාව සඳහා සහභාගි වන ලද නිලධාරි/නිලධාරිනියන් සහ සෙසු නිලයින් ඇමතිම හා ඔවුන් සමග පිලිසදරෙහි යෙදුණු මොහොත. තවද ඒ සඳහා මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද පාඨමාලා ආරම්භක දේශනය සදහා සහභාගි වන ලදී.