Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th August 2020 19:58:55 Hours

යුද්ධ හමුදා පොලිස් පාසල සිය 20 වන සංවත්සරය සැමරූ වගයි

යුද්ධ හමුදා පොලිස් පාසල සිය 20 වන සංවත්සරය 2020 අ‍ගෝස්තු මස 13 වන දින අභිමානවත් ලෙස ගිරිතලේදී සමරන ලදී.
මෙම විශේෂ වූ දිනයේදී සේනාවිධායක හට පිරිනැමුණු කඳවුරු මුරයකින් වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර, අනෙකුත් අංග ලෙස පැලයක් රෝපණය කිරීම, සමූහ ජායාරූපය, සියලු නිල තේ පැන් සංග්‍රහය, සියලු නිල දිවා භෝජන සංග්‍රහය හා භටපිරිස් ඇමතීම පවත්වන ලදී.
තවද යුද්ධ හමුදා පොලිස් පාසලේ රාජකාරි කරනු ලබන සියලුම නිලයින්ට හා මාතෘභූමිය වෙනුවෙන් තම වටිනා ජීවිතය කැපකල හා ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට සෙත්පතා එදින සන්ධ්‍යා කාලයේ ගිරිතලාරාමයේදී බෝධිපූජා පිංකමක් පවත්වා විහාරස්ථානය වෙත පහන් වැටක්ද පූජා කරන ලද අතර, සේනාවිධායක ඇතුලු සියලු නිලයින් ඒ සඳහා සහභාගි වන ලදී.