Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th May 2020 13:05:44 Hours

අඩු ආදායම්ලාභි පවුල් 33ක් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මගපෙන්වීම මත 2020.05.07 වන දිනට යෙදුන වෙසක් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බැදිවැව ප්‍රදේශයේ දුප්පත් අසරණ පවුල් වෙත වියළි සළාක ද්‍රව්‍යයන් බෙදාදීම යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩීඑම්ඒ බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පුහුණු පාසල් ප්‍රධාන උපදේශක ඇතුලු සියලු ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන්ගේ සහ පුහුණු පාසල් සැරයන් මේජර් ඇතුලු සියලු සෙසු නිලයින්ගේ දායකත්වයෙන් පුන් පොහෝ දින පස්වරුවේ සිදු කරන ලදි.

මේ සදහා යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි රාජකාරී නියුතු සියලුම ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරී, නිලධාරීණියන් සහ උපදේශකයින් විසින් ස්ව කැමැත්තෙන් ලබාදෙන ලද අධාර මගින් වියළි සළාක මලු 33ක් පරිත්‍යාග කිරිමට කටයුතු කර ලදි.