07th April 2019 21:03:38 Hours
29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් සංවිධානය කරන ලද පිරිත් සජ්ජායනය හා දානමය පිංකම 2019 අපේ‍්‍රල් මස 04 හා 05 වන දින පවත්වන ලදි. මෙම පිංකම් මාලාව සඳහා බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි හා බ්‍රිගේඩියර් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිළධාරින්ද, සෙසුනිලයින්ද සහභාගි වන ලදි
02nd April 2019 11:52:07 Hours
02nd April 2019 11:40:41 Hours
විනයාරක්ෂකාධිපති වන බි්රගේඩියර් එල්පිආර් පේ‍්‍රමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සංවිධානය කල ඒකක ගිණුම්කරණ පාඨමාලාව 2019 වර්ෂයේ 1 වන අධියර 2019.03.06 වන දින ආරම්භ කරන 2019.03.27 වන දින අවසන් වු අතර, විනයාරක්ෂකාධිපති විසින් පාඨමාලාව සඳහා සහභාගි වන ලද නිලධාරි සහ සෙසු නිලයින් ඇමතිම හා ඔවුන් සමග පිලිසදරෙහි යෙදුණු මොහොත. තවද ඒ සඳහා මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද පාඨමාලා ආරම්භක දේශනය සදහා සහභාගි වන ලදී.
02nd April 2019 11:30:25 Hours
යුද්ධ හමුදා මුලස්ථානයෙහි උපදෙස් පරිදි මෙම රෙජිමේන්තුව වෙත අයත් සියලුම නිලධාරින් සඳහා 2019 මාර්තු මස 26 වන දින විශේෂ පුහුණුවීම් දිනයක් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙම පුහුණුවීම් වැඩසටහන 5 ශ්රීලයුහපොහේබ ඒකකය වෙතින් සංවිධානය කරන ලද අතර, මෙම පුහුණුවීම් වැඩසටහන සඳහා විනයාරක්ෂකාධිපති ඇතුලු නිලධාරින් විශාල පිරිසක් සහභාගිවිය.
26th March 2019 16:26:42 Hours
ඉනපෙ(කිලි) ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 20 වන දින යුද්ධ හමුදා පොලිස් පාසලේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
26th March 2019 16:11:58 Hours
ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති වන බි්රගේඩියර් එල්පිආර් පේ‍්‍රමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 12 වන දින යුහපොපා නිරික්ෂණ සංචාරයක නිරත විය. මෙහිදි යුහපොපා සේනාවිධායක වන ලුති: කර්නල් එච්එම්එස්අයි සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් බළකාධිපති තුමන් ව පිළිගැනීමෙන් අනතුරුව යුහපොපා සියලු නිළයින් ආමන්ත්‍රණය කරන ලදී. පසුව විනයාරක්ෂකාධිපති විසින් සංචාරය සනිටුහන් වීම පිණිස කෝප්රල් සමාජ ශාලාව අසල පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සමූහ ජායාරූපයක් සඳහාද පෙනී සිටින ලදී
26th March 2019 15:49:02 Hours
ශ්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) අඥාපති මේජර් ජෙනරල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019.03.19 වන දින 5 වන ශ්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වු අතර එහිදි බලකාධිපති හට කදවුරු සම්මාන මුරයක් පිරිනැම්මෙන් පසු ඒකක පන්සල් භූම්ය තුල අභිනවයෙන් ස්ථාපිත ඝන්ඨාස්ථම්භය එතුමාගේ සුරතින් විවෘත කරන ලදි. මෙහිදි ඒකක සංචාරය සනිටුහන් කිරිම නිම්ත්තෙන් රන් තැඹිලි වර්ගයේ පැලයක් රෝපණය කිරිමෙන් අනතුරුව එතුමන් විසින් 5 ශ්‍රීලයුපොහේබ ඒකක ප්‍රධාන නාම පුවරුව, ඒකක සෙසුනිල මුලූතැන්ගෙය, ඒකක බලලත් නිලධාරි/සැරයන් නිවස්නයේ මුලූතැන්ගෙය විවෘත කරන ලදි. පසුව බලකාධිපති තුමා සියලූ නිල තේ පැන් සංග්‍රහයට සහභාගි විය. අනතුරුව සිියලූ නිලධාරින්/ සෙසුනිලයින් අමතන ලදි.
21st March 2019 14:35:18 Hours
තිස් වසරක කුරිරු යුද්ධය හේතුවෙන් මාතෘ භූමියට අහිමි වු රණවිරුවන් සිහි කිරිමේ උත්සවයක් 2 ශ්රීලයුහපොහේබ වෙතින් සංවිධානය කර තිබිණි. මෙම උත්සවය සඳහා මෙම රෙජිමේන්තු බළකාධිපති හා ආඥාපති ඉනපෙ (කිලි) වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතර මේ මෙම රෙජිමේන්තු සෙසු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් හා මියගිය රණවිරුවන්ගේ ඥාතීන් මේ සඳහා සහභාගි විය. 29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව මෙම උත්සවය 2 ශ්රීලයුහපොහේබ වෙතින් සංවිධානය කර තිබිණි.
19th March 2019 11:56:45 Hours
05th March 2019 11:54:56 Hours