Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th March 2022 21:30:08 Hours

32 වන රෙජිමේන්තු දිනයට සමගාමීව මියගිය රණවිරුවන් සැමරීම - 2022

මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 32 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ල මස්තකයේ ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2022 පෙබරවාරි මස 25 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතින් අතුළු පවුල්වල සාමාජිකයින් සහභාගි විය. එසේම මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙජිමේන්තු බළකාධිපති හා ආඥාපති ඉනපෙ (මුලතිව්) මේජර් ජෙනරාල් අනිල් ඉලංකෝන් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි වු අතර, මේ සදහා විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ලක්ෂ්මන් බමුණුසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ ඇතුලු රෙජිමේන්තුවේ සෙසු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්තාන සැරයන් මේජර් හා සෙසුනිලයින්ද සහභාගි විය.

මෙම සැමරුම් උත්සවය සර්ව ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව ආරම්භ කර රණවිරු ස්මාරකය වෙත රෙජිමේන්තු බලකාධිපති, විනයාරක්ෂකාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක හා පැමිණ සිටි රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විසින් පුෂ්පෝපහාර දක්වමින් විරෝධාර රණවිරුවන් සිහිපත් කරන ලදි.

තිස් වසරක් පූරා පැවති යුද්ධයේ දී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රණවිරුවන්ගේ වීරත්වය සැමගේ සිත්සතන්හි සදාකල් ශේෂ කරමින් මළහිරු බැසයන මොහොතේදී පසුබැසීමේ නාදයත් සමඟ උත්සවය අවසන් කරන ලදි.