Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st August 2020 12:45:22 Hours

බළකාධිපතිගේ 7 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බළකාධිපති වන මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 අගෝස්තු මස 18 වන දින 7 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි ඒකකයේ වැඩ බලන අණදෙන නිළධාරි වන මේජර් එස්පි කස්තුරිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් බළකාධිපති තුමන් පිළිගැනීමෙන් පසු සියලු නිල ඡායාරූපයක් සඳහා පෙනී සිට කඳවුරු භූමියේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව අණදෙන නිළධාරි විසින් බළකාධිපති හට ඒකකය පිළිබඳ සවිස්තරාත්මකව විස්තරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහය, කඳවුරු සංචාරය, සියලු නිලයින් ඇමතීම යන අවස්ථාවන් සඳහා සහභාගී වු බළකාධිපති තුමන් නිලධාරි නිවස්නයේ සූදානම් කර තිබු දිවා භෝජන සංග්‍රහය සඳහාද සහභාගි වන ලදී