Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th September 2020 14:15:14 Hours

විනයාරක්ෂකාධිපතිගේ 5 ශ්‍රීලයුපොහේබ ඒකක සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති තුමන් ලෙස රාජකාරි නියුතු බ්‍රිගේඩියර් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - කිලිනොච්චිය කදවුරෙහි 2020.09.04 වන දින නිල සංචාරයක් සිදු කරන ලද අතර, එහිදී විනයාරක්ෂකාධිපතිතුමන් 5 ශ්‍රීලයුපොහේබ අණදෙන නිළධාරී විසින් පිලිගැනීමෙන් අනතුරුව විනයාරක්ෂකාධිපති තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් පිලිගන්වා, කදවුරු භූමියෙහි පැළයක් රෝපණය කර සියළු නිලයින් ඇමතීමක් සිදු කරන ලදී