Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th June 2023 14:41:53 Hours

විනයාරක්‍ෂකාධිපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති තුමන් විසින් 6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත සිය ප්‍රථම නිල සංචාරය 2023 ජුනි මස 11 වන දින සිදුකරන ලදී. මෙහිදී බලකාධිපති තුමන් හට කදවුරු මුරයේ ආචාරය පිරිනමමින් එතුමන්ව 6 ශ්‍රිලයුපොහේබ අණදෙන නිලධාරි මේජර් පිජේටිඩි ජාසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ගෞරවනියව පිළිගන්නා ලදි.

තවද, එතුමන්ගේ මෙම ඒකක සංචාරය සනිටුහන් කිරීම වස් සමුහ ඡායාරූපයක් ලබා ගැනීම හා පැලයක් රෝපනය කිරීම සිදුකල අතර, බලකාධිපති තුමන් විසින් සියළු නිලයින් අමතා විනයාරක්‍ෂකයෙකු ලෙස සිය වගකීම් හා කාර්යභාරය ඉටුකල යුතු ආකාරය පිළිබදව මැනවින් පහදා දෙන ලදි. ඉන් අනතුරුව සම්ප්‍රදායික සියළු නිල තේ පැන් සංග්‍රාහයක් පවත්වා සියළු නිලයින් සමග සුහද සාකච්ඡාවක නිරත වීමට බලකාධිපති තුමන් හට අවස්ථාව උදාවිය. මෙම වැඩසටහනෙහි සමාප්තිය සටහන් කරමින් බලකාධිපති තුමන් විසින් සිය සමරු සටහන සමරු සටහන් පොතෙහි තබන ලදි.