Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th May 2023 21:11:21 Hours

බලකාධිපතිගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය

ඉනපෙ (මූලතිව්) අඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් 2023 මැයි මස 04 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - ගල්කුලම කඳවුරෙහි සංචාරයක නිරත විය.

එතුමන්ව මෙම ඒකක අණදෙන නිලධාරි වන මේජර් එම්ඩීඑස්යූකේ විරසිංහ යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. ඉන් අනතුරුව බලකාධිපති තුමන්ගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ලබාගැනීම හා පැළයක් රෝපණය කිරීම සිදු කරන ලද අතර, මෙම ඒකකයේ සියලු නිලයින්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද සිවිල් සේවක නේවාසිකාගාරය එතුමන් විසින් විවෘත කරන ලදි. අනතුරුව බලකාධිපති තුමන් විසින් සියළු භඨ පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගිවන ලදි. අවසන් වශයෙන් බලකාධිපති තුමන් විසින් සමරු සටහන් පොතෙහි මෙම ඒකක සංචාරය පිළිබඳව සටහනක් තබා වැඩසටහන නිමා කරන ලදි.