Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th June 2023 02:17:15 Hours

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් සිදු කරනු ලැබූ වැඩසටහන් මාලාව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒසීඒද සොයිසා යුඑස්පි එච්ඩීඑම්සී එල්එස්සී සහ සේවා වනිතා ශාඛා සභාපතිණි ප්‍රියන්තිකා ද සොයිසා මැතිණියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. මධ්‍යස්ථාන සේනාවිධායක හා යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලේ සේනාවිධායක සහ සියලු ඒකක අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භට පිරිස් වල සහයෝගයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ සියලුම ඒකකවල පැවති බෞද්ධ සිද්ධස්ථානයන් හීදී මෙම බෞද්ධ ක්‍රියාකාරකම් පවත්වනු ලැබූ අතර ඊට ප්‍රදේශවාසීන්ගේ සහයෝයද ලබාදෙන ලදී..

මෙම පොසොන් පොහොය දිනයේදී දිවයින පුරා පිහිටි යුද හමුදා පොලිස් බළකා ඒකකයන් විසින් සීල ව්‍යාපාර, බෝධි පූජා, දන්සැල, පොසොන් බැති ගී, පොසොන් කූඩු ආදී ආගමික කටයුතු රැසක් සංවිධානය කර තිබුණි. බෞද්ධාගමේ අධ්‍යාත්මික දියුණුව හා ප්‍රබෝධය උදෙසා මෙම බෞද්ධ කටයුතු සංවිධානය කර තිබුණි.