Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd December 2023 07:13:21 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහන - 2023

ශ්‍රී ලංකා හමුදා පොලිසියේ සේවා වනිතා ශාඛාව විසින් මෙම රෙජිමේන්තුවෙහි සේවය කරන සිවිල් සේවකයින්ගේ පාසල් ළමුන් 150 දෙනෙකු සඳහා වාර්ෂික පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහන දියත් කරන ලදී. මෙම උත්සවය 2023 දෙසැම්බර් 02 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලද අතර සේවා වනිතා ශාඛාවෙහි සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පොත් බෙදාදීමේ වැඩසටහන යටතේ 1 සිට 13 ශ්‍රේණිය දක්වා ළමුන් සඳහා පොත් 2100කට අධික ප්‍රමාණයක් (ආසන්න වශයෙන් රු. 310,000ක් පමණ වටිනා) බෙදා දෙන ලදී. 2024 පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පොත් ඇතුළත් පොත් ඇසුරුම් ළමුන් 15 දෙනෙකුට සංකේතාත්මකව ලබා දෙන ලදී.

සාම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පුජා නැටුම, සේවා වනිතා ගීතය ගායනා කිරීම සහ මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම වැඩසටහන ආරම්භ විය. පැමිණි සිටි සියලුම ළමුන් සඳහා විනෝදාස්වාද වැඩසටහන් විශේෂයෙන් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් බලකායේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවකයින් ද එක්ව සිටියහ.