Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th March 2023 18:16:38 Hours

33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව මියගිය රණවිරුවන් සැමරීම - 2023

මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ලෙහි 2 ශ්‍රීලයුහපොහේබ කදවුරැ භුමියෙහි ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2023 මාර්තු මස 24 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතින් ඇතුළු පවුල්වල සාමාජිකයින් සහභාගි විය. එසේම මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉනපෙ (මුලතිව්) ආඥාපති මෙන්ම රෙජිමේන්තු බළකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, මේ සදහා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆඩ් ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවීන්ද්‍ර අබේසිංහ ඇතුලු රෙජිමේන්තු මන්ත්‍රණ සභාවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්‍රීලයුහපොහේබ ඒකකයන්හි අණදෙන නිලධාරීවරැන් මෙන්ම පොහේබ පුපා සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් වරැන් ඇතුලු සෙසුනිලයින්ද සහභාගී විය.
මෙම සැමරුම් උත්සවය සර්ව ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව ආරම්භ කර රණවිරු ස්මාරකය වෙත රෙජිමේන්තු බලකාධිපති, ඇතුලු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විසින් පුෂ්පෝපහාර දක්වමින් වීරෝධාර රණවිරුවන් සිහිපත් කරන ලදී.
තිස් වසරක් පූරා පැවති යුද්ධයේ දී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රණවිරුවන්ගේ වීරත්වය සැමගේ සිත්සතන්හි සදාකල් ශේෂ කරමින් මළහිරු බැසයන මොහොතේදී පසුබැසීමේ නාදයත් සමඟ උත්සවය අවසන් කරන ලදි. <.p>