Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st March 2023 15:24:48 Hours

භකාස ආඥාපතිගේ රෙම ශ්‍රීලයුපොහේබ නිරීක්‍ෂණ සංචාරය

ආඥාපති, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන මෙන්ම සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/30 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආඥාපති තුමන්ව පිළිගන්නා ලදී.

මෙහිදී රෙම ශ්‍රීලයුපොහේබ මාණ්ඩලික නිලධාරීන් විසින් රෙජිමේන්තුවේ පරිපාලන හා සැපයුම් කටයුතුවලට අදාළ කරුණු සාකච්ඡා කරන ලදී. තවද, සංචාරයට පැමිණි භකාස ආඥාපති තුමන් රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා උපදෙස් ලබා දුන් අතර, රෙජිමේන්තුවෙහි මනා පරිපාලන සහ සැපයුම් කටයුතු සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන ලදී.

අනතුරුව ශ්‍රී ලංකා යුධ පොලිස් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ස්තුතිය පුද කරන ලද අතර, ශ්‍රී ලංකා යුධ පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් විසින් යුද්ධ හමුදා භකාස ආඥාපති වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.