Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st July 2023 19:33:04 Hours

විනයාරක්‍ෂාධිපතිගේ යුහපොපා සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/07/30 වන දින යුහපොපා ගිරිතලේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. පසුව බලකාධිපති තුමන් නිලධාරීන් හා සෙසු නිලයින් අමතමින් වෘත්තීයමය ආකාරයෙන් හමුදා පොලිස් රාජකාරි ඉටු කිරීම පිළිබඳ සිය මෙහෙවර විස්තර කළේය. එපමනක් නොව, පුහුණුව, පුද්ගලික විනය, විනයාරක්‍ෂක නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ වෘත්තීය දැනුම වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.

ඉන් අනතුරුව විනයාරක්‍ෂාධිපති පුහුණු පාසලේ පවතින තත්ත්වය සහ යටිතල පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කළ අතර, පුහුණු පාසලේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා මාර්ගෝපදේශ කිහිපයක් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට යුහපොපා සේනාවිධායක කර්නල් ආර්එම්කේඒඑස් රාජනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.