Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th May 2024 22:40:20 Hours

නව කර් නල් සේනාවිධායක තුමන් රාජකාරි ආරම්භ කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එස්ඒඑන්ඩී එදිරිසිංහ RWP RSP Hdmc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 12 වන කර් නල් සේනාවිධායක වශයෙන් 2024 මැයි මස 20 වන දින රාජකාරි ආරම්භ කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ආර් ඩි සලේ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව කර්නල් සේනාවිධායක මූලස්ථාන දොරටුව අභියසදි පිළිගන්නා ලද අතර, මේ සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගි වන ලදි. ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් නව කර්නල් සේනාවිධායක තුමන් සෙත් පිරිත් මධ්‍යයේ සුභ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර් නල් සේනාවිධායක වශයෙන් රාජකාරි ආරම්භ කරනලදි. ඉන් අනතුරුව නව කර් නල් සේනාවිධායක තුමන් විසින් සියලුම නිලධාරින් අමතන ලදි.