Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th November 2025 19:07:51 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා අන්තර් ඒකක වොලිබෝල් තරඟාවලිය - 2025

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා 2025 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවලිය, ශ්‍රී ලංකා යුද හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ ගල්කුලමේදී 3 වන ශ්‍රී ලංකා යුද හමුදා හේවා බලකා විසින් සාර්ථකව සංවිධානය කරන ලදී.

තරඟාවලියේ මූලික වටය 2025 නොවැම්බර් 01 වන දින සියලුම ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 11 ක් සහභාගී විය.

අවසන් මහා තරඟය 2025 නොවැම්බර් 07 වන දින ගල්කුලම 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා ඒකකයේදි පැවැත්විණි, එහිදී 3 වන ශ්‍රී ලංකා යුද හමුදා හේවා බලකා තනි දක්ෂතා දැක්වීම් වලදී, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බනි 11 බෙන්තරාජේ ටිපි හොඳම පන්දු සකසන්නා ලෙස තේරී පත් වූ අතර, 5 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් වික්‍රමසිංහ ඩබ්ඒඑස්එම් හොඳම ප්‍රහාරකයා ලෙස තේරී පත් විය.

අවසාන අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බිජිඑස් ප්‍රනාන්දු යුඑස්පි එච්ඩිඑම්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. මෙම අවස්ථාවට 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ඒආර්සි විජේසූරිය ආර්එස්පි යූඑස්පි එන්ඩිසි; ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්ආර් අබේසිංහ එන්ඩිසි ශ්‍රි ලංකා යුද හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්එම්කේඒඑස් රාජනායක; බ්‍රිගේඩියර් පාලන භකාස ආසේමු (වන්නි), බ්‍රිගේඩියර් ජේඑස් මුණසිංහ; නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ (කන්දකාඩු) පුනරුත්ථාපන අධිකාරී බ්‍රිගේඩියර් ඊඑම්අයි ඒකනායක; ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලුම නිලයන් අතර ක්‍රීඩාශීලිත්වය සහ එකමුතුකම සඳහා වූ කැපවීම පිළිබිඹු කරමින් තරඟාවලිය ඉතා උත්කර්ෂවත් ලෙස අවසන් විය.