19th January 2026 12:38:28 Hours
2026 ජනවාරි 19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විධිමත් උත්සවයකදී ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව උසස්වීම් ලැබූ නිලධාරීන් තිදෙනෙකු සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී විසින් ඔවුන්ගේ නිලයට හිමි නව නිල ලාංඡනයන්ගෙන් සරසන ලදී.
• කපිතන් බී ජී පරණවිතාණ
• කපිතන් ඒ ඩබ්ලිව් පි ඩි අබේසිංහ
• කපිතන් එල් එච් ජි එස් අචින්ත
ජාතියේ අඛණ්ඩ සේවයේ දී වැඩි වගකීම් භාර ගැනීමට නිලධාරීන් දිරිමත් කරමින්, කුසලතා, කැපවීම සහ සේවා විශිෂ්ටත්වය හඳුනා ගැනීමට ශ්රී ලංකා යුද්ධ හමුදාව දක්වන කැපවීම මෙම උත්සවයෙන් පිළිබිඹු විය.