Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

18th February 2026 14:57:50 Hours

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි අත්හරින ලදී

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 7 වන අණදෙන නිලධාරී ලෙස රාජකාරි කල ලුතිතන් කර්නල් බිඑල්කේඑස් බාලසූරිය එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.02.13 වන දින අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි අත්හරින ලදී.

තවද, ඒකක අණදෙන නිලධාරි ලෙස රාජකාරි කල ලුතිතන් කර්නල් බිඑල්කේඑස් බාලසූරිය එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකකයේ දෙවන අණදෙන නිලධාරි විසින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව අණදෙන නිලධාරි වෙත සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරය හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. පසුව අණදෙන නිලධාරි විසින් සිය`එ නිලයින් ආමන්ත්‍රණය කිරීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වා වැඩසටහන නිමා කරන ලදී.