Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th January 2026 18:12:38 Hours

මූලික ප්‍රගුණ වෙඩික්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලුතිනන් එම්කේටිකේ මදුරංගට

2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 05 දක්වා පවත්වන ලද මූලික ප්‍රගුණ වෙඩික්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලා අංක 222 න් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ලුතිනන් එම්කේටීකේ මධුරංග ප්‍රශංසනීය වෙනසක් අත්කර ගත්තේය. වෙහෙසකර පුහුණුවක් සමගින් පැවති මෙම පාඨමාලාවට විවිධ ඒකකවලින් නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයින් 38 දෙනෙකු සහභාගි විය.

මෙම නිලධාරි විසින් හොඳම වෙඩි තැබීමට හිමි සම්මානය ද සමස්ත පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ද දිනාගන්නා ලදි, මෙහිදි ඔහුගේ පුහුණුව, කැපවීම සහ විශිෂ්ටත්ව හැකියාව පිළිඹිබු කලේය.