27th February 2026 22:14:18 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2026 පෙබරවාරි මස 26 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත විය.
යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක තුමන් වන මේජර් ජෙනරල් බී ජී එස් ප්‍රනාන්දු USP Hdmc psc සහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් පසුව, සරඹ පිටියේදී යුද්ධ හමුදාධිපති සම්මාන මුරයක් ද පවත්වන ලදී.
මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් ලෙස යුද්ධ හමුදා අරමුදල් යටතේ ඉදිකරන ලද නව “චෝදනාගාර” ගොඩනැගිලි සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, අනතුරුව භටපිරිස් ඇමතීමද සියලු නිල භෝජන සංග්‍රහයයක් ද පැවැත්වින. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සවය අතරතුරදී, ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 135 යටතේ කාන්තා ප්‍රථම ස්ථානය හා සමස්ත පාඨමාලාවේ 11 වන ස්ථානය හිමිකරගත්, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් ලා/කෝ මැණික් අතුල එස් ඩී වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් දිරිගැන්වීමේ මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.