Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාය රිදී පදක්කම්ලාභියාට සුභ පැතුම්

    13th September 2024 23:54:51 Hours

    2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවෙන් පැරාලිම්පික් රිදී පදක්කම්ලාභී S/678878 බලලත් නිලධාරි II දුලාන් කොඩිතුවක්කු වෙත ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. 5 වන රෙජිමේන්තුව නියෝජනය කරන මෙම සුවිශේෂී මලල ක්‍රීඩකයා, 2024 සැප්තැම්බර් 2 වන දින හෙල්ල විසිකිරීම F44 කාණ්ඩයේ විශිෂ්ට දක්‍ෂතාවක් ප්‍රදර්ශණය කරන ලදි..

  • අන්තරායකර ඖෂධ, එහි බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැළැක්වීමට අදාළ නීති පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය

    04th September 2024 13:27:25 Hours

    අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ නීති පිළිබඳ සමකාලීන දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. .

  • 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ F44 කාණ්ඩයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීම

    03rd September 2024 16:04:59 Hours

    2024 ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද සෙ/678878 බනි 11 දුලාන් කේඒඑස් - 5 ශ්‍රීලයුපොහේබ එෆ් 44 හෙල්ල විසිකිරීම කාණ්ඩයෙන් මීටර් 67.03 ක් හෙල්ල විසිකිරිමෙන් ලෝකඩ පදක්කම ලබා ගැනීමට හැකියාව ලබා ගන්නා ලද අතර, එය ලෝක වාර්තාවක් ලෙසද සටහන් විය.

  • අභිනව කර්නල් සේනාවිධායක තුමන් වෙත විනයාරක්ෂකයින්ගේ ගෞරවනීය උපහාරය

    30th May 2024 23:53:27 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 12 වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් S A N D එදිරිසිංහ RWP RSP Hdmc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.05.20 දිනට යෙදුනq සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාරගනු ලැබීමෙන් අනතුරුව සම්ප්‍රධායානුකූලව එතුමන් වෙත ලබාදෙනු ලබන කඳවුරු මුරය, සම්මාණ මුරය සහ සියලු නිලයින් ඇමතීම ඇතුලු අනෙකුත් උත්සව අංගයන් 2024.05.30 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි පවත්වනු ලදි. .

  • නව කර්නල් සේනාවිධායකගේ පලමු ඒකක සාංචාරය

    30th May 2024 20:56:40 Hours

    මේජර් ජෙනරාල් එස් ඒ එන් ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි 2024.05.25 වන දින පළමු නිල සංචාරය සිදුකරන ලදි.

  • නව කර් නල් සේනාවිධායක තුමන් රාජකාරි ආරම්භ කිරිම

    20th May 2024 22:40:20 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් එස්ඒඑන්ඩී එදිරිසිංහ RWP RSP Hdmc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 12 වන කර් නල් සේනාවිධායක වශයෙන් 2024 මැයි මස 20 වන දින රාජකාරි ආරම්භ කරන ලදි.

  • ශ්‍රීලයුපොහේබ කර් නල් සේනාවිධායකගේ නික්මයාම

    03rd May 2024 19:37:38 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන විනයාරක්ෂනකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු 11 වන කර් නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි 02 වන දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යන ලදි. මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි අලංකාරවත් සම්මාන මුරයක් හා සම්මාන පෙළපාළියක් පිරිනමන ලදි. අනතුරුව හිටපු කර් නල් සේනාවිධායක විසින් සියලු නිලයින් අමතා මාණ්ඩලික නිලධාරීන්, හිටපු කර්නල් සේනාවිධායක වරුන් හා විනයාරක්ෂෙකාධිපති වරුන්, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත වසර 35 ක් පුරාවට ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට ඔහුට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාවය පුද කරන ලදී.

  • විවිධ පැමිණිලි ලබා ගැනීම සහ එම පැමිණිලි විභාග කිරිමේ පාඨමාලාව

    01st May 2024 16:59:28 Hours

    කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව මෙම රෙජිමේන්තුව වෙත අයත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 62 දෙනෙකු සඳහා විවිධ පැමිණිලි ලබා ගැනීම සහ එම පැමිණිලි විභාග කිරිම සබැඳිව පුහුණු වැඩසටහනක් 2024 මාර් තු මස 25 සිට 2024 අප්‍රේල් මස 29 දක්වා පවත්වන ලදි.

  • බලකාධිපති තුමන්ගේ ශ්‍රීලයුපොහේබ සංචාර

    30th April 2024 11:38:38 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 11 වන කර නල් සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රීලයුපොහේබ ඒකක, පොලිස් පුහුණු පාසලේ සහ නිඅභපි(මුල) හි සංචාරයන් සිදුකරන ලදි. මෙහිදි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිව අදාල ස්ථානයන්හි අණදෙන නිලධාරි වරුන් විසින් පිළිගනු ලැබුවා.

  • සිවිල් කම්කරුවන් සමග එක්ව සිටීම ප්‍රතිලාභී සහයෝගය

    09th April 2024 00:00:00 Hours

    නව වසරක් උදාවන විට, ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාය, සිවිල් සේවකයින්ට සහය දැක්වීම සඳහා සේවා වනිතා ශාඛාව මුලපිරීමක් ආරම්භ කරන ලදී. සහයෝගීතාවයේ සහ සැලකිල්ලේ හද උණුසුම් කරවන ඉරියව්වක් ලෙස සේවා වනිතා ශාඛාව විසින් වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින් සඳහා මෙම වියළි සලාක ඇසුරුම් බෙදා හැරීම.