03rd May 2024 19:37:38 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන විනයාරක්ෂනකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු 11 වන කර් නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි 02 වන දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යන ලදි. මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි අලංකාරවත් සම්මාන මුරයක් හා සම්මාන පෙළපාළියක් පිරිනමන ලදි. අනතුරුව හිටපු කර් නල් සේනාවිධායක විසින් සියලු නිලයින් අමතා මාණ්ඩලික නිලධාරීන්, හිටපු කර්නල් සේනාවිධායක වරුන් හා විනයාරක්ෂෙකාධිපති වරුන්, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත වසර 35 ක් පුරාවට ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට ඔහුට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාවය පුද කරන ලදී.
01st May 2024 16:59:28 Hours
කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව මෙම රෙජිමේන්තුව වෙත අයත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 62 දෙනෙකු සඳහා විවිධ පැමිණිලි ලබා ගැනීම සහ එම පැමිණිලි විභාග කිරිම සබැඳිව පුහුණු වැඩසටහනක් 2024 මාර් තු මස 25 සිට 2024 අප්‍රේල් මස 29 දක්වා පවත්වන ලදි.
30th April 2024 11:38:38 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 11 වන කර නල් සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රීලයුපොහේබ ඒකක, පොලිස් පුහුණු පාසලේ සහ නිඅභපි(මුල) හි සංචාරයන් සිදුකරන ලදි. මෙහිදි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිව අදාල ස්ථානයන්හි අණදෙන නිලධාරි වරුන් විසින් පිළිගනු ලැබුවා.
09th April 2024 00:00:00 Hours
නව වසරක් උදාවන විට, ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාය, සිවිල් සේවකයින්ට සහය දැක්වීම සඳහා සේවා වනිතා ශාඛාව මුලපිරීමක් ආරම්භ කරන ලදී. සහයෝගීතාවයේ සහ සැලකිල්ලේ හද උණුසුම් කරවන ඉරියව්වක් ලෙස සේවා වනිතා ශාඛාව විසින් වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින් සඳහා මෙම වියළි සලාක ඇසුරුම් බෙදා හැරීම.
22nd March 2024 00:00:00 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාය සිය 34 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස සමරමින් පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සමරන ලදී. 2024 මාර්තු 22 වන දින 2024 මාර්තු 22 වන දින ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් 2 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා බළකායේ 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලද පිරිත් සජ්ඣායනය සහ දානමය වැඩසටහනකින් අනතුරුව 2024 මාර්තු මස 22 වන දින පවත්වන ලද රණවිරු සැමරුම් උත්සවයෙන් අනතුරුව උත්සවයක් පවත්වන ලදී. පෙළපාලිය සහ සංගීත සන්ධ්‍යාව 2024 අප්‍රේල් 19 දින කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
04th January 2024 08:24:15 Hours
ඡායාරූපකරණය යනු නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට සහ වචන නොමැතිව හැඟීම් සන්නිවේදනය කිරීමට ඉඩ සලසන ප්‍රබල මාධ්‍යයකි. ඡායාරූපකරණය පුද්ගලික සහ වෘත්තීය සන්දර්භය තුළ බොහෝ වාසි ලබා දෙයි.
03rd January 2024 07:04:36 Hours
ජනාධිපති සම්මාන මුර රාජකාරිය භාරදීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 2023.06.01 වන දින සිට මාස 06ක කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් ඉටු කරන ලද ජනාධිපති සම්මාන මුර රාජකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2024.01.01 වන දින කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි
31st December 2023 16:38:40 Hours
නත්තල යනු සාමයේ පණිවිඩය ගෙන ආ ජේසුස් කිතු උපතයි මෙය අර් ථවත් කරමින් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකය සහ මෙම රෙජිමේන්තු සේවා වනිතා සමඟ එක්ව, ගරු සභාපති ප්‍රියන්තිකාද සොයිසා තුමියගේ මඟ පෙන්වීම යටතේ 2023 දෙසැම්බර් මස 29 නත්තල් කැරොල් ප්‍රසංගයක් පවත්වන ලදි.
24th December 2023 20:40:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති මෙන්ම ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ සි ද සොයිසා යුඑස්පී එච්ඩිඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් මස 24 වන දින පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි සංචාරය සිදු කරන ලදී.
12th December 2023 07:47:45 Hours
2023 අගෝස්තු 11 සිට අගෝස්තු 14 දක්වා පුත්තලම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජාතික අත්පන්දු ශූරතාවලිය - 2023 තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා අත්පන්දු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු (පිරිමි) කණ්ඩායම ශූරතාවය තහවුරු කර ගන්නා ලදී.