Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • 33 වන රෙජිමේන්තු දින සංවත්සරය

    12th May 2023 20:09:32 Hours

  • අභිමානවත් විනයාරක්ෂක රෙජිමේන්තුවේ 33 වන සංවත්සර සැමරුම

    23rd April 2023 14:05:10 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 33 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව 2023 අප්‍රේල් මස 19 දින සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් සංජ්ජායනාව සහ පසුදින සංඝයා වහන්සේලා 33 නමක් උපදෙසා දානමය පිංකමක් පවත්වන ලදි.

  • අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් පෙලෙන නිලධාරි/සෙසුනිල/සිවිල් සේවක මහත්ම/මහත්මීන් හා ඔවුන්ගේ ලඟම ඥාතීන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන

    11th April 2023 22:09:07 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගිය 08 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිලධාරි නිවස්නයේදී පැවැත්විනි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද එම වැඩසටහනේදී මේ වන විට විවිධ අයුරින් රෝගාබාධයන්ට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් පෙලෙන මෙම රෙජිමේන්තුව වෙත අයත් නිලධාරි/සෙසුනිල/සිවිල් සේවක මහත්ම/මහත්මීන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන් 13 දෙනෙකු වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. අනතුරුව යුද්ධ හමුදා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් කිහිපදෙනෙකුගේ සුවදුක් විමසා ඔවුන් වෙතද ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ශ්‍රීලයුපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 6 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරි/සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදි.

  • යුද්ධ හමුදා සේවයෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ නිළධාරි

    11th April 2023 21:53:26 Hours

    1990 සැප්තැම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදී 2 ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අනුයුක්තව වසර 33 ක කාලයක් තුල ක්‍රීයාන්විත ඇතුළු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල රාජකාරි ඉටුකරමින් රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2023 අප්‍රේල් 08 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදාවෙන් බ්‍රිගේඩියර් ඩීඑම්ඒ බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ගන්න ලදි.

  • විශේෂ විමර්ශන ඒකකය මගින් සංවිධානය කරන ලද අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය

    11th April 2023 21:28:44 Hours

    රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායම වෙත නවක ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් යුතුව විශේෂ විමර්ශන ඒකකය මගින් සංවිධානය කරන ලද අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය මූලික තරඟ 2023.03.20 හා 21 යන දිනයන්හීදී රෙ ශ්‍රීලයුපොහේබ පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

  • බලකාධිපතිගේ සුරතින් විවෘත වූ ප්‍රධාන පිවිසුම

    11th April 2023 21:24:43 Hours

    රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව - ආඥාපති ඉනපෙ (මුලතිවු) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2023.03.30 වන දින විවෘත කරන ලදී. මේ සඳහා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ හා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.

  • භකාස ආඥාපතිගේ රෙම ශ්‍රීලයුපොහේබ නිරීක්‍ෂණ සංචාරය

    31st March 2023 15:24:48 Hours

    ආඥාපති, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන මෙන්ම සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/30 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

  • විනයාරක්‍ෂාධිපතිගේ 1 ශ්‍රීලයුපොහේබ සංචාරය

    31st March 2023 15:15:39 Hours

    ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිනව විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/29 වන දින 1 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බළකායේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

  • 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව මියගිය රණවිරුවන් සැමරීම - 2023

    28th March 2023 18:16:38 Hours

    මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ලෙහි 2 ශ්‍රීලයුහපොහේබ කදවුරැ භුමියෙහි ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2023 මාර්තු මස 24 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතින් ඇතුළු පවුල්වල සාමාජිකයින් සහභාගි විය. එසේම මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉනපෙ (මුලතිව්) ආඥාපති මෙන්ම රෙජිමේන්තු බළකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, මේ සදහා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆඩ් ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවීන්ද්‍ර අබේසිංහ ඇතුලු රෙජිමේන්තු මන්ත්‍රණ සභාවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්‍රීලයුහපොහේබ ඒකකයන්හි අණදෙන නිලධාරීවරැන් මෙන්ම පොහේබ පුපා සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් වරැන් ඇතුලු සෙසුනිලයින්ද සහභාගී විය.

  • ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන - ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛාව

    17th March 2023 09:41:38 Hours

    ආඥාපති ඉනපෙ (මුලතිව්) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මග පෙන්වීම යටතේ සියලු සේවා වනිතා සාමාජිකාවන්ගේ සහයෝගයෙන් යුතුව 5 ශ්‍රීලයුපොහේබ අනුග්‍රාහක දායකත්වය යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කල මාසික වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.03.10 වන දින පවත්වන ලදී.