09th December 2022 10:01:40 Hours
09th December 2022 09:34:24 Hours
2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ හා සෙසුනිලයිින්ගේ උන්නතිය උදෙසා ඉදි කරන ලද බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල 2022 ඔක්තෝබර් මස 13 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
08th July 2022 15:30:10 Hours
යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නවතමයෙන් ඉදි කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි නේවාසිකාගාරය ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නවතමයෙන් ඉදි කරන ලද අතර, ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.06.29 වන දිනට යෙදී තිබූ සුභ මොහොතින් විවෘත කරන ලදී. මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදී.
17th June 2022 12:39:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන කොනොනින්ගේ සුභසාධනය වෙනුවෙන් බලකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ඩි සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ සියලු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද "PROVOST PARADISE CLUB" රෙජිමේන්තු කොනොනි සමාජ ශාලා බීමහල ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) අඥාපති හා ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.05.19 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.
19th April 2022 09:57:39 Hours
1 ශ්‍රිලයුපොහේබ ඒකකය වෙත අයත් සෙ/681299 ලා/කෝ අමරසිංහ ඒඩීජී යන කොනොනිවරිය හට යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ මුල්යන හා ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදි කිරිමට නියමිත නිවසෙහි මුල්ගල තැබීම 2022.04.07 වන දිනට යෙදී තිබු සුභ මොහොතින් රෙජිමේන්තු බලකාධිපති මෙන්ම ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් අංක 121, මහසෙන්පුර, දිවුලන්කඩවල යන ලිපිනයේදී පවත්වන ලදි.
19th April 2022 09:47:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ පාලන පරීක්ෂපණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්යණ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 29 වන දින පවත්වන ලදි.
10th March 2022 21:30:08 Hours
මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 32 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ල මස්තකයේ ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2022 පෙබරවාරි මස 25 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා...
04th March 2022 10:08:45 Hours
14th February 2022 11:08:18 Hours
ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තුව වෙත ඉදුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 80 වෙත අයත් විනයාරක්ෂලක සෙබළුන් 235 ක් හා විනයාරක්ෂරක කාන්තා සෙබළියන් 74 දෙනෙකු ඇතුලු සෙබළ සෙබළියන් 309 ක ගේ ඉවතයාමේ උත්සවය 2022.01.28 වන දින යුද්ධ හමුදාව වෙතින් සහ සංඛ්‍යව අංශ වෙතින් ලබා දී ඇති සෞඛ්‍යආරක්ෂිත උපදෙස් වලට අනුකුලව මෙම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සීවලි රාජනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඉදිරි නඩත්තු පෙදෙස ( මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පුහුණු පාසලේදී පවත්වන ලදි.
28th December 2021 20:45:55 Hours
මෙම රෙජිමේන්තුව යටතේ රාජකාරි කරමින් සිටියදි හදිසි අනතුරක් හේතුවෙන් මිය යන ලද සෙ/678978 කෝප්‍රල් අබේරත්න ජීඑම්ආර්එස් - 2 ශ්‍රීලයුපොහේබ කොනොනිගේ ලඟම ඥාතීන් වෙනුවෙන් නව නිවසක් ඉදි කිරිම සඳහා මුල්ගල තැබීම 2021 දෙසැම්බර් මස 20 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් ඉඹුලාන, රුවන්වැල්ල ප්‍රදේශයේදි මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.