Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • ඉනපෙ (කිළි) නව ආඥාපති රාජකාරි භාර ගැනීම

    05th March 2019 10:23:51 Hours

  • විනයාරක්‍ෂකාධිපතිගේ විවිඒ සංචාරය

    05th March 2019 10:22:13 Hours

  • හන්තානට පායන සඳ - සේවා වනිතා ශාඛාව

    24th February 2019 11:35:51 Hours

    ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ අරමුදල් ඉහළ නැංවීම සඳහා සංවිධානය කරන ලද සංගීත වැඩසටහන 2019 පෙබරවාරි 16 වන දින කොළඹ ආරක්‍ෂක විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදි පවත්වන ලදී

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්ෂකාධිපති වැඩ ආරම්භ කිරීම

    10th January 2019 16:29:27 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන විනයාරක්ෂකාධිපති වශයෙන් බ්‍රි ගේඩියර් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 ජනවාරි මස 09 වන දින සුභ මොහොතින් වියාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ ආරම්භ කරණ ලදි.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති තනතුර අත් හැරීම

    10th January 2019 16:17:10 Hours

    මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන විනයාරක්ෂකාධිපති වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 ජනවාරි මස 08 වන දින එම තනතුරේ රාජකාරි අත් හරින ලදි.

  • 2019 නව වර්ෂයේ වැඩ කටයුතු ආරම්භ කිරිම

    07th January 2019 11:27:57 Hours

    2019 නව වර්ෂයේ රාජකාරි ආරම්භ කිරිමට ප්‍රථම ශ්‍රී ලංකා ජනරජය විසින් නිකුත් කරන ලද වැඩ ආරම්භ කිරිමේ ප්‍රතිඥාව කියවීම 2019 ජනවාරි මස 01 වන දින සිදුකරන ලදි. මෙම උත්සවය සදහා මධ්‍යස්ථාන සේවා විධායක තුමා ඇතුලු නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගිවිය. පසුව බලකාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.

  • විශ‍්‍රාමික රෙසැමේ වරුන් හට ප‍්‍රණාම සහතික ප‍්‍රධානය කිරිමේ උත්සවය

    07th January 2019 11:11:33 Hours

    යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත 2017/06/27 දින සිට 2018/08/31 දින අතර, කාලසීමාව තුල රාජකාරි ඉටුකරන ලද දැනට විශ‍්‍රාමිකව සිටින පහත නම් සදහන් රෙසැමේ වරුන් වසර 22 ක කාලයක් තුල සිදුකල අනුපමේය මෙහෙවර වෙනුවෙන් 2018/12/21 වන දින ප‍්‍රණාම සහතික පත් ප‍්‍රධානෝත්සවයක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි මෙම රෙජිමේන්තු බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

    බනි 1 ජිආර්ඩබ්පි විමලසිරි
    බනි 1 සි ගුණසේකර
    බනි 1 ඒඒ කුමාරසිංහ යූඑස්පි

  • වාර්ෂික පාසල් අභ්‍යාස පොත් බෙදා දිමේ වැඩසටහන - සේවා වනිතා ශාඛාව රෙම ශ්‍රීලයුහපොහේබ

    19th December 2018 12:07:31 Hours

    2019 අධ්‍යන වර්ෂය සදහා මෙම රෙජිමේන්තුව වෙත අයත් දැනට සේවයේ යෙදිසිටින/මියගිය /අතුරුදහන්/ ආබාධිත සියලු නිළයින්ගේ හා සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ පාසල් යන දූදරුවන් 1683 දෙනෙකු හට රුපියල් මිලියන 1.9 කට ආසන්න වටිනාකමකින් යුත් පාසල් අභ්‍යාස පොත් 25,558 බෙදා දිමේ වැඩසටහනක් මෙම මධ්‍යස්ථාන සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කළ අතර එහි සංකේතාත්මක උත්සවය 2018.12.05 වන දින බළකාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරි, ඒකක අණදෙන නිළධාරින් හා සේවා වනිතා ශාඛා ගරු සභාපතිනිය වරුණි උභයවර්ධන ප්‍රමුඛ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම මධ්‍යස්ථාන කොනොනි සමාජ ශාලාවේදි පවත්වන ලදි. එහිදි අප රෙජිමේන්තුවේ සෙසු නිළයින්ගේ දුවා දරුවන් විසින් තම ගායන, නර්ථන, නිවේදන හැකියාවන් එළි දැක්වීමේ ප්‍රසංගයක් පවත්වමින් උත්සව අවස්ථාව වර්ණවත් කරන ලදි.

  • බි‍්‍රගේඩියර් සිට මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා

    24th November 2018 12:53:15 Hours

  • 44 විනයාරක්ෂක ප්‍රවීනයන්ගේ විශ්‍රාමික සාදය

    23rd October 2018 13:09:36 Hours

    44 වන විනයාරක්ෂක පාලඨමාලාව වෙත අයත් බළලත් නිලධාරි සහ ජ්‍යෙකොනොනීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත කරන ලද අමිල මෙහෙවර අගය කිරිම වස් ඔවුන් හට කෘතගුන දැක්වීම සදහා 2018 ඔක්තෝබර් මස 19 වන දින විශ්‍රාමික සාදයක් බනි සැරයන් නිවස්නය වෙතින් සංවිධානය කරන ලදි. මෙම උත්සවය සදහා අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයාරක්ෂරකාධිපති වන බ්‍රිෙග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු අතර, එමෙන්ම මෙම උත්සවය සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික බළලත් නිලධාරි සහ ජ්‍යෙකොනොනීන් හා ඔවුන්ගේ ඥාතීන්ද සහභාගි වන ලදි.