26th March 2018 10:58:13 Hours
2018 මාර්තු මස 27 වන දින සිට 2018 අප්‍රෙල් මස 04 වන දින දක්වා මැලේසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සඳහන් නිලධාරි හා කොනොනි සහභාගිවීමට නියමිත ඇති අතර, ඔවුන් වෙනුවෙන් රෙජිමේන්තුවේ සියලු නිලධාරි හා සෙසුනිලයින් වෙතින් රු: 162,000.00 ක මුදලක් මෙම රෙජිමේන්තු බලකාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඔවුන් වෙත 2018 මාර්තු මස 20 වන දින ප්‍රධානය කරන ලදි.
20th March 2018 14:54:40 Hours
ජාතික වෙරළ කබඩි තරගාවලියේ අවසන් මහ තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය 2018 මාර්තු මස 17 වන දින තංගල්ල වෙරළ තීරයේදි පවත්වන ලදි. “ඒ” කාණ්ඩයට අයත් තරගාවලියට සහභාගි වු අප රෙජිමේන්තු කණ්ඩායම අනුශූරයන් බවට පත්වු වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමග තියුනු තරගයකට මුහුන දෙන ලදි.
20th February 2018 22:40:26 Hours
යුද්ධ හමුදා විනයරක්‍ෂකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 පෙබරවාරි මස 16 වන දින 3 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී.
12th February 2018 11:14:59 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථාන බනි/සැරයන් නිවස්නයේ නවාතැන් පහසුකම් වැඞ්දියුණු කිරිමේ අරමුණින් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල 2018/01/29 වන දිනට යෙදුන සුභ මොහොතින් අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයාරක්‍ෂකාධිපති වන බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සෙත් පිරිත් මධ්‍යයේ විවෘත කරන ලදි .මෙම විවෘත කිරිමේ උත්සවය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක,ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරින් හා බලලත් නිලධාරින් මෙන්ම ජ්‍යෙකොනොනීන් සහභාගි වන ලදි.
09th February 2018 08:38:59 Hours
ශ්රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 ජනවාරි 09 දින 2 ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයේ සංචාරයක් සිදුකරන ලදි. මෙහිදි 2 වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක විසින් පිළිගැනිමෙන් අනතුරුව වර්ණවත් කඳවුරු සම්මාන මුරයක් පිනමන ලදි. 2 වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කඳවුර වෙත විශාල අඩුපාඩුවක්ව පැවති කාන්තා භඨ නිවාසය විවෘත කිරිම බලකාධිපතිගේ සුරතින් සිදුවිය. ඉන්පසු එම භූමියේ සංචාරයේ මතක සටහනක් වශයෙන් අඹ පැලයක් රෝපනය කිරිම සිදුකරන ලදි.
09th February 2018 08:35:19 Hours
ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති මෙන්ම ශ‍්‍රිලයුහපොහේබ රෙජිමේන්තු බළකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි තුමන් 2018 ජනවාරි 09 වන දින යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි සංචාරය සිකරන ලදි. යුද්ධ හමුදා පොලිස් පාසල වෙත සපැමිණි විනයාරක්ෂකාධිපති තුමන් යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසල් සේනාවිධායක ලූතිතන් කර්නල් ඩිඑම්ඒ බණ්ඩාර විසින් පිළිගැනිමෙන් අනතුරුව කදවුරු මුරයක් පිරිනමන ලදි. පසුව යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි අභිනවයෙන් ඉදිකරන ලද ප‍්‍රධාන දොරටුව විවෘත කිරිමෙන් අනතුරුව පුහුණු පාසල් සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදි. තවද, නවතමයෙන් ටයිල් අතුරා නවීකරණය කරන ලද යුහපොපා කෝප‍්‍රල් සමාජ ශාලාවේදී සියලු නිළයින් ඇමතිමෙන් පසු සේනාවිධායක ඇතුලු සියලූ නිළයින් විසින් සුදානම් කරන ලද තේ පැන් සංග‍්‍රහය සදහා සහභාගිවීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් පාසලේ කාර්ය මණ්ඩලය සමග සමුහ ඡුායා රූපයකටද සහභාගි වී බලකාධිපති තුමන්ගේ යුහපොපා සංචාරය නිමා කරන ලදි.
09th February 2018 08:28:28 Hours
ශී‍්‍රලයුපොහේබ බලකාධිපති බි‍්‍රගේඩියර් ඞීකේජීඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සංවිධානය කල ඒකක ගිණුම්කරණ පාඨමාලාව 04 වන අධියර 2018.01.02 වන දින ආරම්භ කරන ලද අතර, බලකාධිපති විසින් පාඨමාලාව සඳහා සහභාගි වන ලද නිලධාරි/නිලධාරිනියන් සහ සෙසු නිලයින් ඇමතිම හා ඔවුන් සමග පිලිසදරෙහි යෙදුණු මොහොත. තවද ඒ සඳහා මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද පාඨමාලා ආරම්භක දේශනය සදහා සහභාගි වන ලදී.