Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • මුලික විනයාරක්‍ෂක පාඨමාලාව - අංක 79 ඉවත යාමේ උත්සවය

    22nd October 2021 10:51:07 Hours

    මෙම රෙජිමේන්තුව වෙත ඉඳුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 79 වෙත අයත් විනයාරක්‍ෂක සෙබලුන් 166 දෙනෙකු 2021/10/11 වන දින විසිර යන ලදි
    මේ සඳහා මෙම පුහුණූ පාසලේ සේනාවිධායක කර්නල් සීවලී රාජනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි‍ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෂ්ඨ නිළධාරි සහභාගි විය.

  • ඉනපෙ(මුලතිව්) ආඥාපති තනතුරේ රාජකාරි භාර ගැනීම

    16th September 2021 12:58:36 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ‍බළකාධිපති වන බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021/09/15 දිනට යෙදී තිබු සුභ මොහොතින් ඉනපෙ(මුලතිවු) හි 16 වන ආඥාපති ලෙස එම ධුරයේ රාජකාරි භාර ගන්නා ලදී. මෙහිදී ආඥාපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව වැඩ භාර ගැනීම සිදු කරන ලදී.

  • නව බලකාධිපති එම ධූරයේ රාජකාරි භාර ගැනීම

    06th August 2021 20:32:58 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ 10 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි එම ධූරයේ 2021/08/02 වන දින ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව සුභ මොහොතින් වැඩ භාර ගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානය, පොල්හේන්ගොඩ හීදි සිදු කරන ලද අතර, එහිදී නව බලකාධිපති වෙත කඳවුරු මුරයක් පිරිනමන ලදි. අනතුරුව මෙම කෙටි වැඩසටහන අවසානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා රෙසැමේ වරුන්ගේ ප්‍රධානත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

  • බලකාධිපති තනතුර අත් හැරීම

    06th August 2021 20:28:39 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ 09 වන බලකාධිපති වශයෙන් රාජකාරි කරන ලද මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි එම තනතුරේ රාජකාරි අත් හැරීම 2021.07.31 වන දිනට සිදු කරන ලදී. ඒ සඳහා මෙම රෙජිමේන්තුව වෙතිත් කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක්, ආගමික වතාවත් සියලු නිලයින් ඇමතීම හා බනි/සැර නිවස්නයේදි තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. මේ සඳහා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් සහභාගි වන ලදි.

  • ආබාධිත රණවිරුවෙකු හට නව නිවසක්

    21st February 2021 11:11:33 Hours

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සෙසු නිලයින් සඳහා නව නිවාඩු නිකේතනයක්

    30th January 2021 20:37:19 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ (ශ්‍රීලයුපොහේබ) සෙසුනිලයින්ගේ සුභසාධන පහසුකම් තව දුරටත් වර්ධනය කරලීමේ උදාරතර සංකල්පයට අනුව මෙම රෙජිමේන්තු බලකාධිපති තුමන්ගේ මඟ පෙන්වීම මත විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මූලිකත්වයෙන් ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රාදේශියව සපයාගත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉදි කරන ලද සෙසුනිල නිවාඩු නිකේතනය 2021.01.27 වන දිනට යෙදුන සුභ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට කාර්ය සම්පාදක අණසක අඥාපති තුමන් මෙන්ම, ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් සෙසු නිලයිනගේ ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදි. මෙම අවස්ථාවට විනයාරක්ෂාධිපති බ්‍රිග්‍රේඩියර් අනිල් ඉලංගකෝන්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලක්ෂ්මන් බමුණුසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ජ්‍යෙකොනොනි ඇතුළු සෙසුනිලයින් පිරිසක් සහභාගී වන ලදී

  • 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදි කරන ලද "තුරු අරණ" සෙසුනිල නිවාඩු නිකේතනය හා රෙජිමේන්තු සැරයන් මේජර් නේවාසිකාගාරය විවෘත කිරීම

    11th January 2021 12:21:57 Hours

    3 ශ්‍රීලයුපොහේබ ඒකකය තුල නවතමයෙන් ඉදි කරන ලද "තුරු අරණ" සෙසුනිල නිවාඩු නිකේතනය හා රෙජිමේන්තු සැරයන් මේජර් නේවාසිකාගාරය 2021 ජනවාරි මස 09 වන දින ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් විවෘත කරන ලදී. උත්සවය ආරම්භයේදි 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් ඩබ්එම්ටීජීඒපී විජේකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපතිතුමන් ඉතා උණුසුම්ව පිළිගන්නා ලද අතර, අනතුරුව විවෘත කිරිම සිදු කරන ලදි. එහිදි බලකාධිපති තුමන් විසින් සියලු නිලයින් ඇමතීමක්ද සිදු කරන ලද අතර, එහිදි ශ්‍රීලයුපොහේබ ක්‍ෂේත්‍ර රාජකාරි ඉටුකිරීම, විමර්ශන සිදුකිරීම හා විනය උසස් මට්ටමකින් පවත්වා ගැනීම හා පාලන රාජකාරි සබැඳිව දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සදහා ඉනපෙ (උ/මැ) මානි 1 ලුතිතන් කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර, 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ආර්පී පෙරේරා, 5 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඩීඅයි පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් පිරිසක් සහ රෙසැමේ ඇතුළු සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වන ලදී.

  • සහතික පත් ප්‍රධානෝත්සවය - මූලික ඡායාරූපකරණ පාඨමාලාව අංක 1

    22nd December 2020 17:17:45 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල ඡායාරූප ශිල්පී සේවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මගින් ඉටු කරනු ලබන අතර, දැනට මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල සිටින ඡායාරුප ශිල්පීන් සංඛ්‍යාව සීමිත බැවින් ඉදිරියේදී පැවරෙන ඡායාරූප සේවාවන් ගුණාත්මකභාවයකින් ඉටු කිරිම සදහාත් නවකයින් ඡායාරූප වෘත්තීය සදහා යොමු කිරිමේ අරමුණින් ඒකක මට්ටමින් නාමයෝජනා ගෙන්වා එයින් තෝරාගත් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සදහා මුලික ඡායාරුපකරණ පාඨමාලාව අංක 01 රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලදී.

  • නව දේශන ශාලාව විවෘත කිරීම යුද හමුදා පොලිස් පාසල - ගිරිතලේ

    30th November 2020 16:40:40 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (උතුරුමැද) ආඥාපතිතුමා වන මේජර් ජෙනරාල් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2020 නොවැමිබර් මස 28 වන දින ගිරිතලේ ස්ථාපිත යුද්ධ හමුදා පොලිස් පාසල වෙත කරන ලද නිල සංචාරයට සමගාමීව පුහුණු පාසල තුල නවතමයෙන් ඉදි කරන ලද දේශන ශාලාවද එතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

  • ආඥාපති ඉනපෙ(උ) බ්‍රිගේඩියර් ජීඩබ්එල් මාහින්කන්ද ජ්‍යෂ්ඨ නිලධාරිගේ 4 ශ්‍රීලයුපොහේබ සංචාරය

    26th November 2020 16:33:45 Hours

    ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර), බ්‍රිග‍ේඩියර් ජීඩබ්එල් මාහින්කන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 නොවැම්බර් 23 වන දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. ඒකක මූලස්ථානය වෙත පැමිණි ආඥාපති තුමන් පිළිගැනීම 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි, ලුතිතන් කර්නල් ආර්ආර්පී පෙරේරා යන ජ්‍යෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලද අතර, ඊට සමගාමීව කදවුරු සම්මාන මුරය, පැල රෝපණය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී‍