11th April 2023 21:24:43 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව - ආඥාපති ඉනපෙ (මුලතිවු) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2023.03.30 වන දින විවෘත කරන ලදී. මේ සඳහා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ හා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.
31st March 2023 15:24:48 Hours
ආඥාපති, යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන මෙන්ම සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/30 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.
31st March 2023 15:15:39 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිනව විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/29 වන දින 1 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බළකායේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.
28th March 2023 18:16:38 Hours
මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ලෙහි 2 ශ්‍රීලයුහපොහේබ කදවුරැ භුමියෙහි ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2023 මාර්තු මස 24 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතින් ඇතුළු පවුල්වල සාමාජිකයින් සහභාගි විය. එසේම මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉනපෙ (මුලතිව්) ආඥාපති මෙන්ම රෙජිමේන්තු බළකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, මේ සදහා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆඩ් ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවීන්ද්‍ර අබේසිංහ ඇතුලු රෙජිමේන්තු මන්ත්‍රණ සභාවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්‍රීලයුහපොහේබ ඒකකයන්හි අණදෙන නිලධාරීවරැන් මෙන්ම පොහේබ පුපා සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් වරැන් ඇතුලු සෙසුනිලයින්ද සහභාගී විය.
17th March 2023 09:41:38 Hours
ආඥාපති ඉනපෙ (මුලතිව්) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මග පෙන්වීම යටතේ සියලු සේවා වනිතා සාමාජිකාවන්ගේ සහයෝගයෙන් යුතුව 5 ශ්‍රීලයුපොහේබ අනුග්‍රාහක දායකත්වය යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කල මාසික වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.03.10 වන දින පවත්වන ලදී.
06th February 2023 08:40:50 Hours
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියලු නිලයින්ගේ දායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය, උපකරණ ගබඩාව හා බුදු මැදුර 7 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි වන මේජර් එස්එන්කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි ...
02nd February 2023 10:17:26 Hours
2023 වර්ෂයේ පලමු නිලධාරි පුහුණුවීම් වැඩසටහන 2023 ජනවාරි මස 28 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, දියතලාව කඳවුරේදි පවත්වන ලදි. මෙම පුහුණුවිම් වැඩසටහන අංග රැසකින් සමන්විතවිය.
25th January 2023 14:50:30 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 4 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල නිල සංචාරයක 2023.01.20 වන දින නිරත විය.
28th December 2022 11:20:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව විනයාරක්ෂක සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් සමාජිකයින් සහභාගි කරවා ගනිමින් අසිරිමත් නත්තලට සමගාමීව පාසල් උපකරන බෙදාදීමේ වැඩසටහනක් හා රෙජිමේන්තු නත්තල් බැති ගී කණ්ඩායම සහභාගි කරවා ගනිමින් බැති ගී සංදර්ශණයක් 2022 දෙසැම්බර් මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන වන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය ඉනෝකා ඉලංගකෝන් සහභාගි වන ලදි.
12th December 2022 11:02:32 Hours
ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ අභිමංසල 1 සුව සහන මධ්‍යස්ථාන සංචාරය 2022 දෙසැම්බර් මස 02 වන දින සිදු කරන ලදි. එහිදී රණක්‍ෂිතයට පත් හමුදා සාමාජිකයින් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, ඔවුන්ගේ රසවින්දනය උදෙසා සංගීත වැඩසටහනක්ද ඉදිරිපත් කරන ලදි.