Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද නත්තල් සැමරීමේ උත්සවය හා පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

    28th December 2022 11:20:40 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව විනයාරක්ෂක සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් සමාජිකයින් සහභාගි කරවා ගනිමින් අසිරිමත් නත්තලට සමගාමීව පාසල් උපකරන බෙදාදීමේ වැඩසටහනක් හා රෙජිමේන්තු නත්තල් බැති ගී කණ්ඩායම සහභාගි කරවා ගනිමින් බැති ගී සංදර්ශණයක් 2022 දෙසැම්බර් මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන වන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය ඉනෝකා ඉලංගකෝන් සහභාගි වන ලදි.

  • ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකා සේවා වනිතා ශාඛාවේ ‘අබිමන්සල-1’ අනුරාධපුරයේ සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාව

    12th December 2022 11:02:32 Hours

    ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ අභිමංසල 1 සුව සහන මධ්‍යස්ථාන සංචාරය 2022 දෙසැම්බර් මස 02 වන දින සිදු කරන ලදි. එහිදී රණක්‍ෂිතයට පත් හමුදා සාමාජිකයින් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, ඔවුන්ගේ රසවින්දනය උදෙසා සංගීත වැඩසටහනක්ද ඉදිරිපත් කරන ලදි.

  • විශ්‍රාමික විනයාරක්ෂිකාවට නිවහනක්

    09th December 2022 10:01:40 Hours

  • 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ හා සෙසුනිලයිින්ගේ උන්නතිය උදෙසා ඉදි කරන ලද බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල 2022 ඔක්තෝබර් මස 13 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

    09th December 2022 09:34:24 Hours

    2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ හා සෙසුනිලයිින්ගේ උන්නතිය උදෙසා ඉදි කරන ලද බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල 2022 ඔක්තෝබර් මස 13 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

  • නවතමයෙන් ඉදි කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි නේවාසිකාගාරය

    08th July 2022 15:30:10 Hours

    යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නවතමයෙන් ඉදි කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි නේවාසිකාගාරය ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නවතමයෙන් ඉදි කරන ලද අතර, ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.06.29 වන දිනට යෙදී තිබූ සුභ මොහොතින් විවෘත කරන ලදී. මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදී.

  • "PROVOST PARADISE CLUB" කොනොනි සමාජ ශාලා බීමහල විවෘත කිරීම

    17th June 2022 12:39:15 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන කොනොනින්ගේ සුභසාධනය වෙනුවෙන් බලකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ඩි සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ සියලු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද "PROVOST PARADISE CLUB" රෙජිමේන්තු කොනොනි සමාජ ශාලා බීමහල ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) අඥාපති හා ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.05.19 වන දින සුභ මොහොතින් විවෘත කරන ලදී.

  • විනයාරක්ෂක සාමාජිකාවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම

    19th April 2022 09:57:39 Hours

    1 ශ්‍රිලයුපොහේබ ඒකකය වෙත අයත් සෙ/681299 ලා/කෝ අමරසිංහ ඒඩීජී යන කොනොනිවරිය හට යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ මුල්යන හා ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදි කිරිමට නියමිත නිවසෙහි මුල්ගල තැබීම 2022.04.07 වන දිනට යෙදී තිබු සුභ මොහොතින් රෙජිමේන්තු බලකාධිපති මෙන්ම ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් අංක 121, මහසෙන්පුර, දිවුලන්කඩවල යන ලිපිනයේදී පවත්වන ලදි.

  • නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානගේ ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තු පාලන පරීක්ෂණය

    19th April 2022 09:47:27 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ පාලන පරීක්ෂපණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්යණ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 29 වන දින පවත්වන ලදි.

  • 32 වන රෙජිමේන්තු දිනයට සමගාමීව මියගිය රණවිරුවන් සැමරීම - 2022

    10th March 2022 21:30:08 Hours

    මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරිත්වයත් සුරැකීම තම පරම යුතුකම වශයෙන් සිත්හි තබාගෙන තම ජීවය දේශය වෙනුවෙන් කැපකරමින් සිදු කරන ලද අනුපමේය සේවය ඇගයීමේ අරමුණින් 32 වන රෙජිමේන්තු දිනයට සමගාමීව රෙජිමේන්තු බලකාධිපතිගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත 2 ශ්‍රීලයුපොහේබ වෙතින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවය ගිරිතලේ වැව්තාවුල්ල මස්තකයේ ඉදිකර ඇති ශ්‍රීලයුපොහේබ රණවිරු සැමරුම් ස්මාරකය අභියසදි 2022 පෙබරවාරි මස 25 වන දින පවත්වන ලද අතර, මෙම උත්සවය සඳහා...

  • බලකාධිපති තුමන්ගේ 3 ශ්‍රීලයුපොහේබ ඒකක සංචරය

    04th March 2022 10:08:45 Hours