21st May 2025 13:29:19 Hours
2025 මැයි 13 වන දින සන්ධ්‍යාවේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සේවා වනිතා ශාඛාව සමඟ එක්ව, වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සැමරීම සඳහා දන්සලක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්, විශේෂයෙන් අනුකම්පාව සහ ත්‍යාගශීලීත්වය පිළිබඳ වටිනාකම් නිරූපණය කරන ලද අතර, බැතිමතුන් සහ මගීන් විශාල සංඛ්‍යාවක් මඤ්ඤොක්කා, කොස්, කඩල සහ කිරි කෝපි වැනි සාම්ප්‍රදායික ප්‍රණීත ආහාර වලින් උණුසුම් ලෙස සංග්‍රහ කරන ලදී. දන්සල ආරම්භ වූයේ බෞද්ධ භික්ෂුවක් විසින් මෙහෙයවන ලද ආගමික ආශිර්වාද උත්සවයකින් වන අතර, උත්සවය සංවිධානය කිරීමට සහ සහාය දැක්වීමට සම්බන්ධ වූ සියලු දෙනාටම අධ්‍යාත්මික ආශිර්වාද ඉල්ලා සිටියේය.
02nd May 2025 23:17:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුව 35 වන සංවත්සරය සමරනු ලැබීය. රණවිරු සැමරුම් වැඩසටහන 2025 මාර්තු 14 වන දින 2 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ හිදී පැවැත්විණි. 2025 මාර්තු 27 වන දින අලංකාරවත් පෙරහැරක් සමඟ පිරිත් සජ්ජායනයක් පවත්වන ලද අතර ඉන් පසු දින භික්ෂුන් වහන්සේලා 15 නමක් සඳහා උදෑසන හීල් දානය පුජා කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී. සැමරුම් උත්සවය උත්සවාකාර පෙළපාළියකින් අවසන් වූ අතර සියලුම නිලයින් 2025 අප්‍රේල් 25 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී සංගීත සන්ධ්‍යාවක් සමඟ එක්විය.
14th April 2025 00:21:10 Hours
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සැබෑ අරුත සහ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමේ ඉරියව්වක් ලෙස, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් කැපවූ සිවිල් කාර්ය මණ්ඩලයට තෑගි වවුචර් බෙදා හැරීම සංවිධානය කරන ලදි.
08th April 2025 22:25:58 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව 2025 අප්‍රේල් 6 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිති කොටගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරි, සෙසුනිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා විචිත්‍රවත්, සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරීමේ උත්සවයක් ජන ක්‍රීඩා රැසක් සමඟින් සමරන ලදි.
01st April 2025 11:53:00 Hours
35 වන රෙජිමේන්තු දින සංවත්සරය සමගාමීව, 2025 මාර්තු 27 වන දින රාත්‍රී පිරිත් සඡ්ඡායනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. මෙම උත්සවයේ අරමුණ වූයේ මියගිය රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින්, විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයින් සහ රෙජිමේන්තුවේ සිවිල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමය. මෙම උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පි එන්පිඑස් පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.
14th March 2025 22:15:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 35 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තම ජීවිත පරිත්‍යාගයන් සිදු කළ රණවිරුවන් හට උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු 14 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ රණවිරු ස්මාකරය ඉදිරිපිටදි පවත්වන ලදි.
23rd January 2025 14:21:43 Hours
මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක ලෙස 2025 ජනවාරි 10 වන දින ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.
13th September 2024 23:54:51 Hours
2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවෙන් පැරාලිම්පික් රිදී පදක්කම්ලාභී S/678878 බලලත් නිලධාරි II දුලාන් කොඩිතුවක්කු වෙත ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. 5 වන රෙජිමේන්තුව නියෝජනය කරන මෙම සුවිශේෂී මලල ක්‍රීඩකයා, 2024 සැප්තැම්බර් 2 වන දින හෙල්ල විසිකිරීම F44 කාණ්ඩයේ විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශණය කරන ලදි..
04th September 2024 13:27:25 Hours
අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ නීති පිළිබඳ සමකාලීන දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. .
03rd September 2024 16:04:59 Hours
2024 ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද සෙ/678878 බනි 11 දුලාන් කේඒඑස් - 5 ශ්‍රීලයුපොහේබ එෆ් 44 හෙල්ල විසිකිරීම කාණ්ඩයෙන් මීටර් 67.03 ක් හෙල්ල විසිකිරිමෙන් ලෝකඩ පදක්කම ලබා ගැනීමට හැකියාව ලබා ගන්නා ලද අතර, එය ලෝක වාර්තාවක් ලෙසද සටහන් විය.