Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st May 2025 15:30:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නව චෝදනාගාරයක් ඉදිකිරිම සදහා මුල් ගල් තබන ලදි.

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ යෝජිත දෙමහල් චෝදනාගාරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2025 මැයි මස 19 වන දින සිදුකරන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අරමුදල් සපයනු ලබන අඩි 50 x 28 ක යෝජිත දෙමහල් ගොඩනැගිල්ල මාස කිහිපයක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරෙනු ලබන අතර, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ සෘජු අධීක්ෂණය යටතේ යුද හමුදා ඉංජිනේරුවන් විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී මහතා සහභාගී විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රොවෝස්ට් මාර්ෂල් බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩීසී, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අනෙකුත් නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.