05th June 2025 07:06:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී, 2025 මැයි 26 වන දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලුම නිලධාරීන් අමතන ලදී.
තම දේශනය අරමුණ වූයේ විනය හා හමුදා හැසිරීම පිළිබඳ ඵලදායී දැනුමක් ලබාදීම හා සොල්දාදුවන්ගේ සුභසාධනයට ප්‍රමුඛත්වය ලබා දීමයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ආර්ඩී සලේ එන්ඩිසි, ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ එන්ඩිසි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා නිලධාරීන් පුද්ගලිකව සහ මාර්ගගතව සහභාගී විය.
දේශනයෙන් පසු, කර්නල් සේනාවිධායක තුමන් කඳවුරු පරිශ්‍රයේ ක්‍රියාත්මක වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති නැරඹීමට ගිය අතර,මෙම සංචාරය ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකායේ මෙහෙයුම් විශිෂ්ටත්වය, සුභසාධන දියුණුව සහ වෘත්තීය සංවර්ධනය සඳහා කර්නල් සේනාවිධායකගේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.