05th June 2025 08:14:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක තුමන් වන මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පි යූඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්) හි සංචාරයක නිරත විය.
මෙම සංචාරයේදි කර්නල් සේනාවිධායකතුමාට ගෞරව දැක්වීම සඳහා චාරිත්‍රානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීම, කඳවුරු පරිශ්‍රයේ ඇති ප්‍රධාන පහසුකම් පරීක්ෂා කිරීම සහ එක් එක් ආයතනයන්හි මෙහෙයුම්, පුහුණු සහ පරිපාලන අංශ ආවරණය වන පරිදි නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්) අදාළ අණදෙන නිලධාරීන්/ මාණ්ඩලික නිලධාරී 1 විසින් සවිස්තරාත්මක විස්තර ඇතුළත් කරමින් ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි.
කර්නල් සේනාවිධායක තුමන් සිය අවසාන දේශනයේදී විනය ක්‍රියාත්මක කිරීමේදී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීමේදී යුද්ධ හමුදා පොලිස් නිලධාරීන්ගේ වැදගත් කාර්යභාරය අගය කළේය.
මෙම සංචාරය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු 3 වන සහ 4 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරන් සහ නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්) හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.