Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • බලකාධිපති තුමාගේ 6 ශ්‍රීලයුහපොහේබ සංචාරය

    21st September 2018 10:07:43 Hours

    යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2018 සැප්තැම්බර් මස 14 වන දින 6 ශ්‍රීලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී. 6 ශ්‍රීලයුහපොහේබ ඒකකය වෙත පැමිණි බලකාධිපති තුමන් ඒකකයේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් එම්එම්ඩබ් රූපසිංහ යන ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව බලකාධිපති වෙත කදවුරු මුරයක් පිරිනමන ලදී./P>

  • 28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව පැවැති සියලු නිළ දිවා භෝජන සංග‍්‍රහය හා සංගීත සංදර්ශණය

    28th June 2018 23:20:14 Hours

    73 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති වන බි‍්‍රග්ඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පවත්පවන ලදී පසුව සියළු නිළයින් අමතන ලද ලද අතර සියළු නිළ දිවා භෝජන සංග‍්‍රහයක් ද පවත්වන ලදී.
    ඒදින සන්ධ්‍යාවේ අලංකාරවත් සංගිත සංදර්ශණයක්ද පවත්වන ලදී. ඒ් ස‍ඳහා ජනප්‍රිය ගායක/ගායිකාවන් රැසක්ද සහභාගි විය

  • අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2018

    21st June 2018 23:56:35 Hours

    අන්තර් ඒකක සරඹ තරඟාවලිය 2018 ජූනි 01 වන දින ගිරිතලේ දී පවත්වන ලදී. මෙම තරගාවලිය සඳහා ශ්‍රීලයුහපොහේබ සියලු ඒකක සහභාගි විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අප රෙජිමේන්තු බලකාධිපති තුමන් සහභාගි වු අතර, මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් සහභාගී විය. මෙම තරගාවලියෙන් 3 ශ්‍රීලයුහපාහේබ ඒකකය පලමු ස්ථානය දිනාගත් අතර පිළිවෙලින් 2 වන හා 3 වන ස්ථාන 2 ශ්‍රීලයුහපොහේබ හා 4 ශ්‍රීලයුහපොහේබ ඒකකය දිනා ගන්නා ලදි. නි/ 68715 කපිතන් ඒඒ වික්‍රමරත්න හොදම අණදෙන්නා වශයෙන්ද, සෙ/676957 මාණ්ඩලික සැරයන් මදනායක එම්සී හොඳම සරඹ උපදේශකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

  • ජාතික රණවිරු උත්සවයට සමගාමීව ශ‍්‍රීලයුහපොහේබ අනුස්මරණ උත්සවය

    21st June 2018 23:47:24 Hours

    ජාතික රණවිරු උත්සවයට සමගාමීව ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා රණවිරු අනුස්මරණ උත්සවය 2018.05.18 වන දින ගිරිතලේ පිහිටි මෙම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී. මෙහිදි මව්බිම වෙනුවෙන් දිවිපිදු ශ‍්‍රීලයුහපොහේබ නිලධාරින් සහ සෙසුනිලයින් 56 දෙනෙකු අනුස්මරණය කරන ලදී.

  • ඒකක ගිණුම්කරණ පාඨමාලාව - හතරවන අධියර

    26th April 2018 11:54:51 Hours

    විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මග පෙන්වීම යටතේ පවත්වනු ලබන ඒකක ගිණුම්කරණ පාඨමාලාවන්හි දෙවන අධියර 2018 අපේ‍්‍රල් මස 23 වන දින බලකාධිපති මෙන්ම විනයාරක්‍ෂාධිපති වන බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

  • නිලධාරි විවේකාගාරය

    26th April 2018 11:45:20 Hours

    මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි විවේකාගාරය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පි පොඩිරාළහාමි යූඑස්පිගේ ආරාධනයෙන් මෙම රෙජිමේන්තුවේ බලකාධිපති මෙන්ම ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි ගේ සුරතින් 2018 අපේ‍්‍රල් මස 20 වන දින විවෘත කරන ලදී.

  • 28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව පැවැති පීරිත් සජ්ජායනය හා දානමය පිංකම

    26th April 2018 11:38:08 Hours

    28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් සංවිධානය කරන ලද පිරිත් සජ්ජායනය හා දානමය පිංකම 2018 අපේ‍්‍රල් මස 19 වන දින රට වෙනුවෙන් දිවිපිදු, රණක්‍ෂිතයට පත්, විශ‍්‍රාමික හා සේවයේ නියුතු විනයාරක්‍ෂක රණවිරුවන් සිහිකරමින් පවත්වන ලදි.

  • නව අවුරුදු තේ පැන් සංග‍්‍රහය

    26th April 2018 11:31:15 Hours

    නව අවුරුදු උදාන සැමරීම සඳහා රෙම: ශී‍්‍රලයුපොහේබ, 1 ශි‍්‍රලයුපොහේබ හා විවිඒ යන ආයතනයන් හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිලයින් හට බලකාධිපති හා විනයාරක්‍ෂාධිපති වන බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප‍්‍රධානත්වයෙන් යුතුව තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලදී.

  • මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රධාන) නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

    26th April 2018 11:11:06 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රධාන) වශයෙන්, ලුතිතන් කර්නල් ආර්එම්කේඒඑස් රාජනායක යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අප්‍රෙල් මස 17 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

  • සිවිල් සේවකයින් සඳහා අලුත් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරිම

    26th April 2018 11:01:23 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙනුවෙන් අලුත් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයක් 2018 අප්‍ර්ල් මස 11 වන දින බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.