Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

මුල් පුවත

  • නව අවුරුදු තේ පැන් සංග‍්‍රහය

    26th April 2018 11:31:15 Hours

    නව අවුරුදු උදාන සැමරීම සඳහා රෙම: ශී‍්‍රලයුපොහේබ, 1 ශි‍්‍රලයුපොහේබ හා විවිඒ යන ආයතනයන් හි රාජකාරි කරනු ලබන නිළධාරි/සෙසුනිලයින් හට බලකාධිපති හා විනයාරක්‍ෂාධිපති වන බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප‍්‍රධානත්වයෙන් යුතුව තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලදී.

  • මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රධාන) නව තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

    26th April 2018 11:11:06 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රධාන) වශයෙන්, ලුතිතන් කර්නල් ආර්එම්කේඒඑස් රාජනායක යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අප්‍රෙල් මස 17 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

  • සිවිල් සේවකයින් සඳහා අලුත් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරිම

    26th April 2018 11:01:23 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙනුවෙන් අලුත් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයක් 2018 අප්‍ර්ල් මස 11 වන දින බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

  • ඒකක ගිණුම්කරණ පාඨමාලාව - දෙවන අධියර

    26th April 2018 10:41:47 Hours

    විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මග පෙන්වීම යටතේ පවත්වනු ලබන ඒකක ගිණුම්කරණ පාඨමාලාවන්හි දෙවන අධියර 2018 පෙබරවාරි මස 20 වන දින බලකාධිපති මෙන්ම විනයාරක්‍ෂාධිපති වන බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

  • යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාව

    11th April 2018 12:38:34 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් පවත්වන ලද තවත් එක් සුවිශේෂී පාඨමාලාවක් වු "යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාවේ" පලමු වන අධියර 2018 අප්‍රේල් මස 09 වන දින සාර්තකව නිමාවට පත්කර ලදි. පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු ද, සෙසුනිලයින් 53 දෙනෙකුද සහභාගිවූ අතර, මෙම පාඨමාලාව කෙටි කාලීන පඨමාලාවක් වශයෙන් පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් බලකාධිපති මෙන්ම විනයාරක්ෂාධිපති වන බ්‍රිගේඩියර් ඩි කේ ජි ඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය. පාඨමාලාවේ අවසානය සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.

  • අන්තර් ඒකක රග්බි තරගාවලිය - 2018

    07th April 2018 12:20:00 Hours

    අන්තර් ඒකක රග්බි තරගාවලිය, 2018 අප්‍රේල් මස 06 වන දින කුරේ උද්‍යානය, වැල්ලවත්තේදි පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභගිවිය. අවසන් තරගය සඳහා මුහුණුදුන් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ශූරතාවය දිනාගත් අතර, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම අනුශූරයන් බවට පත්විය. මෙහි අවසන් තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නිළධාරි හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය.

  • ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙතින් ජනාධිපති සම්මාන මුර රාජකාරිය භාර ගැනීම

    06th April 2018 10:58:58 Hours

    2018 අපේ‍්‍රල් 01 දින සිට 2018 ඔක්තෝබර් 01 දින දක්වා ජනාධිපති ආරක්‍ෂක සම්මාන මුර රාජකාරිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙතින් භාර ගන්නා ලදී.

  • 28 වන රෙජිමේන්තු දින සංවත්සරය වෙනුවෙන් මියගිය රණවිරුවන් සිහිකිරිමේ උත්සවය

    06th April 2018 10:53:12 Hours

    28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව මියගිය රණවිරුවන් සිහිකිරිමේ උත්සවය ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් 2018 මාර්තු මස 29 වන දින 2 ශී‍්‍රලයුපොහේබ - ගිරිතලේ හිදි පවත්වන ලදී.

  • යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාව

    06th April 2018 10:47:41 Hours

    විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මග පෙන්වීම යටතේ පවත්වනු ලබන යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද වූ සංස්කරන පාඨමාලාවන්හි පලමු අධියර 2018 මාර්තු මස 26 වන දින බලකාධිපති මෙන්ම විනයාරක්‍ෂකාධිපති වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

  • 41, 42 සහ 43 විනයාරක්‍ෂකයින්ගේ විශ්‍රාමික සාදය

    06th April 2018 10:41:51 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අමිල මෙහෙවරක් ඉටුකරන ලද 41, 42 සහ 43 වන විනයාරක්‍ෂකයින් වෙනුවෙන් 2018 මාර්තු මස 23 වන දින විශ්‍රාමික සාදයක් පවත්වන ලදි. මෙම සාදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයරක්‍ෂකාධිපති වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක හා ශ්‍රීලයුහපොහේබ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය. තවද, මෙම උත්සවය සඳහා විශ්‍රාමික විනයාරක්‍ෂකයින්ගේ පවුල් වල සමාජිකයින්ද සහභාගි විය.