Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st June 2018 23:56:35 Hours

අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2018

අන්තර් ඒකක සරඹ තරඟාවලිය 2018 ජූනි 01 වන දින ගිරිතලේ දී පවත්වන ලදී. මෙම තරගාවලිය සඳහා ශ්‍රීලයුහපොහේබ සියලු ඒකක සහභාගි විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අප රෙජිමේන්තු බලකාධිපති තුමන් සහභාගි වු අතර, මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් සහභාගී විය. මෙම තරගාවලියෙන් 3 ශ්‍රීලයුහපාහේබ ඒකකය පලමු ස්ථානය දිනාගත් අතර පිළිවෙලින් 2 වන හා 3 වන ස්ථාන 2 ශ්‍රීලයුහපොහේබ හා 4 ශ්‍රීලයුහපොහේබ ඒකකය දිනා ගන්නා ලදි. නි/ 68715 කපිතන් ඒඒ වික්‍රමරත්න හොදම අණදෙන්නා වශයෙන්ද, සෙ/676957 මාණ්ඩලික සැරයන් මදනායක එම්සී හොඳම සරඹ උපදේශකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.