18th February 2026 15:00:10 Hours
7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 8 වන අණදෙන නිලධාරී ලෙස ලුතිතන් කර්නල් කේටී රන්දික යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.02.14 වන දින සුභ මොහොතින් අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
තවද, ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් කේ ටී රන්දික යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකකයේ දෙවන අණදෙන නිලධාරි විසින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව නව අණදෙන නිලධාරි වෙත සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරය හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. පසුව සිය`එ නිලයින් විසින් සමූහ ඡායාරූපයට පෙනී සිටි අතර, ඒකක දේශන ශාලාව අසල අණදෙන නිලධාරි රාජකාරිය භාර ගැනීම නිමිත්තෙන් පැලයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව අණදෙන නිලධාරි විසින් සිය`එ නිලයින් ආමන්ත්‍රණය කිරීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වා කඳවුරෙහි නීරීක්ෂණ සංචාරයක් සිදුකර වැඩසටහන නිමා කරන ලදී.