Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

සේවා වනිතා

  • අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් පෙලෙන නිලධාරි/සෙසුනිල/සිවිල් සේවක මහත්ම/මහත්මීන් හා ඔවුන්ගේ ලඟම ඥාතීන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන

    11th April 2023 22:09:07 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගිය 08 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිලධාරි නිවස්නයේදී පැවැත්විනි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද එම වැඩසටහනේදී මේ වන විට විවිධ අයුරින් රෝගාබාධයන්ට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් පෙලෙන මෙම රෙජිමේන්තුව වෙත අයත් නිලධාරි/සෙසුනිල/සිවිල් සේවක මහත්ම/මහත්මීන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන් 13 දෙනෙකු වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. අනතුරුව යුද්ධ හමුදා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් කිහිපදෙනෙකුගේ සුවදුක් විමසා ඔවුන් වෙතද ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ශ්‍රීලයුපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 6 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරි/සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදි.

  • ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන - ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛාව

    17th March 2023 09:41:38 Hours

    ආඥාපති ඉනපෙ (මුලතිව්) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මග පෙන්වීම යටතේ සියලු සේවා වනිතා සාමාජිකාවන්ගේ සහයෝගයෙන් යුතුව 5 ශ්‍රීලයුපොහේබ අනුග්‍රාහක දායකත්වය යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කල මාසික වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.03.10 වන දින පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද නත්තල් සැමරීමේ උත්සවය හා පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

    28th December 2022 11:20:40 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව විනයාරක්ෂක සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් සමාජිකයින් සහභාගි කරවා ගනිමින් අසිරිමත් නත්තලට සමගාමීව පාසල් උපකරන බෙදාදීමේ වැඩසටහනක් හා රෙජිමේන්තු නත්තල් බැති ගී කණ්ඩායම සහභාගි කරවා ගනිමින් බැති ගී සංදර්ශණයක් 2022 දෙසැම්බර් මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන වන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය ඉනෝකා ඉලංගකෝන් සහභාගි වන ලදි.

  • ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකා සේවා වනිතා ශාඛාවේ ‘අබිමන්සල-1’ අනුරාධපුරයේ සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාව

    12th December 2022 11:02:32 Hours

    ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ අභිමංසල 1 සුව සහන මධ්‍යස්ථාන සංචාරය 2022 දෙසැම්බර් මස 02 වන දින සිදු කරන ලදි. එහිදී රණක්‍ෂිතයට පත් හමුදා සාමාජිකයින් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, ඔවුන්ගේ රසවින්දනය උදෙසා සංගීත වැඩසටහනක්ද ඉදිරිපත් කරන ලදි.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන

    21st July 2022 09:17:52 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන 2022 ජුලි මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේදී පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව හා විශේෂ විමර්ශන ඒකකය එක්ව ගැබිණි මව්වරු සඳහා පෝෂණ මලු බෙදාදීම

    21st June 2022 18:35:41 Hours

    විශේෂ විමර්ශන ඒකකය සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ එකතුවෙන් සේවා වනිතා ශාඛාවේ වාර්ෂික වැඩසටහන් මාලාවට සමගාමීව 2022 ජුනි මස 10 වන දින ගැබිණි මව්වරු 20 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, මෙම වැඩසටහන සඳහා පූර්ණ මග පෙන්වීම මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි ඉනෝකා ඉලංගකෝන් මැතිණිය විසින් සිදු කරන ලදී. එම වැඩසටහනට අනුව ගැබිණි මවුවරුන් හට ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලබාදුන් අතර, වැඩසටහන අවසානයේ ගැබිණි මව්වරුන් හට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන ලදී. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය විශේෂ විමර්ශන ඒකකය වෙතින් සිදු කරන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා‍ සේවා වනිතා ශාඛාව හා 6 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව “ළදනි ළමා නිවාසයෙහි” දැරියන් වෙනුවෙන් සිදුකරන ලද ත්‍යාග පිරිනැමීමේ වැඩසටහන

    17th May 2022 10:40:16 Hours

    මුලතිව් සිලාවත්ත ප්‍රදේශයෙහි ර්‍ණළදනි” ළමා නිවාසයෙහි දැරියන් වෙත ත්‍යාග පිරිනැමීමේ විශේෂ උත්සවයක් 2022 මැයි මස 03 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව හා 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුලු නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගී වන ලදී. මෙම වැඩසටහන සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මගපෙන්වීම යටතේ සිදුකරන ලදී. අනතුරුව අවසානයේ සියලු සාමාජිකයින් එක්ව දිවා භෝජන සංග්‍රහයක් පවත්වා වැඩසටහන සිහිවීම වස් සමූහ ඡායාරූපයක් ලබාගන්නා ලදී.

  • කාන්තා දින වැඩසටහන - ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛාව

    27th April 2022 10:16:07 Hours

    මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් මෙන්ම ඉනපෙ (මුලතිව්) ආඥාපති වන මේජර් ජෙනරල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්්‍ය නිලධාරි, සේවා වනිතා ශාඛා ගරු සාමාජිකාවන්, කාන්තා නිළධාරිණියන්, සෙසුනිළ බිරින්දෑවරුන්, හා කාන්තා සෙබළියන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව මනෝවිද්යාිඥ භාග්‍යා දේශප්‍රිය මැතිණිය විසින් පවත්වන ලද කාන්තා දිනය වෙනුවෙන් වූ හරවත් දේශනයක් 2022.03.20 වන දින හෝරා 0900 සිට හෝරා 1130 දක්වා වූ කාලය තුළ රෙමපොහේබ කෝප්‍රල් සමාජ ශාලාවේදී පවත්වන ලදී. එහිදී සහභාගී වූ අයවලුන් වෙනුවෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ මුදල් පසුම්බිය බැගින් ත්‍යාග බෙදාදීම සිදුකරන ලද අතර මෙහි සියලුම සංවිධාන කටයුතු සහ අනුග්‍රාහක දායකත්වය 5 ශ්‍රීලයුපොහේබ වෙතින් සිදු කරන ලදී.

  • කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහනෙහි කාර්යය මණ්ඩලය සහ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් කෙටි ආහාර ලබාදීමේ වැඩසටහන

    14th September 2021 22:29:08 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව එක්ව සංවිධානය කරන ලද පනාගොඩ කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහනෙහි කාර්යය මණ්ඩලය සහ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් කෙටි ආහාර ලබාදීමේ වැඩසටහන 2021 සැප්තැම්බර් මස 10 වන දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි වන ලදි.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වූ සිවිල් සේවක මහත්ම/මහත්මීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන

    14th September 2021 22:13:37 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වූ සිවිල් සේවක මහත්ම/මහත්මීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන 2021 සැප්තැම්බර් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. බලකාධිපති තුමාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සිවිල් සේවක මහත්ම මහත්මීන් 08 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන් රාජකාරි කරනු ලබන ආයතනයන්හි නියෝජිතයන් වෙත පරිත්‍යාග කිරීම සිදු කරන ලද අතර, එම ද්‍රව්‍ය කඩිනමින් සිවිල් සේවක මහත්ම/මහත්මීන් වෙත බෙදාහැරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි.