24th April 2019 12:48:08 Hours
රණවිරු සුභසාධනය උදෙසා කැපවුනු සේවාවනිතා ශාඛාවෙහි මාසික සභා රැස්වීම ගරු සභාපතිණි ශ්‍යමාලි පොඩිරාළහාමි මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2019 අප්‍රේල් මස 02 වන දින රෙම ශ්‍රීලයුහපොහේබ පොල්හේන්ගොඩදී පැවති අතර එහිදී නිවාස හා අර්ධ නිවාස ඉදිකිරීම සදහා මුදල් ආධාර ලබාදීමෙි සුභ සාධන වැඩපිළිවෙලට සමගාමීව බනි 11 අබේරත්න විබීඩබි යන ජ්‍යෙෙකානොනි හට හා ලා/කෝ ඒකනායක එස්එමි සෙනී වෙත රුපියල් ලක්ෂඑ තුන (රු.300000.00) බැගින් මුදල් පරිත්‍යග සිදු කළ අතර එම මාසික සභා රැස්වීමේදි සේවාවනිතා ශාඛාවේ ගරු සාමාජිකාවන් අතරින් නව නිළධාරී මඩුල්ලක් පත් කර ගැනීම සිදුවිය.
01st April 2019 17:54:11 Hours
ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොළිස් හේවා බළකා සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ශ්‍යාමලි පොඩිරාළහාමි මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් හා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව අභිමංසල සුව සහන මධ්‍යස්ථාන 111 පාංගොල්ලෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලිමෙි සංචාරයක් 2019.03.21 වන දින සුවසහන මධ්‍යස්ථානයේදි සිදුකරනු ලැබු අතර එහි ප‍්‍රතිකාර ලබන රණවිරුවන් 41 දෙනෙකු සඳහා ඔවුන්ගේ දෛනික පරිභෝජනයට අවැසි රුපියල් 23,195.00 වටිනා භාණ්ඩ හා සියලුම නිලයින්ගේ ප‍්‍රයෝජනය සඳහා රුපියල් 13,000.00 ක වටිනාකමකින් යුතුු ඇදුමි රදවන 04ක් හා ණෘණ ස්ටෑන්ඩි ෆෑන් 01 ක පරිත්‍යාග කරන ලදි. මෙහි සියලු සංවිධාන කටයුතු 6 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදු කරන ලදි.
19th March 2019 11:43:46 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වීරෝධාර රණවිරුවන්ගේ 2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් වු දු දරුවන් හට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරිමේ වැඩසටහන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වරුණි උභයවර්ධන මැතිණියගේ සහ සෙසු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් 2019 පෙබරවාරි 19 වන දින පවත්වන ලදි. තවද මෙම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතකුගේ මෑණියන්ට රෝද පුටුවක් පිරිනැමීමද මෙම වැඩ සටහනට සමගාමිව සිදු කරන ලදී.
24th February 2019 11:35:51 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ අරමුදල් ඉහළ නැංවීම සඳහා සංවිධානය කරන ලද සංගීත වැඩසටහන 2019 පෙබරවාරි 16 වන දින කොළඹ ආරක්‍ෂක විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදි පවත්වන ලදී
19th December 2018 12:07:31 Hours
2019 අධ්‍යන වර්ෂය සදහා මෙම රෙජිමේන්තුව වෙත අයත් දැනට සේවයේ යෙදිසිටින/මියගිය /අතුරුදහන්/ ආබාධිත සියලු නිළයින්ගේ හා සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ පාසල් යන දූදරුවන් 1683 දෙනෙකු හට රුපියල් මිලියන 1.9 කට ආසන්න වටිනාකමකින් යුත් පාසල් අභ්‍යාස පොත් 25,558 බෙදා දිමේ වැඩසටහනක් මෙම මධ්‍යස්ථාන සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කළ අතර එහි සංකේතාත්මක උත්සවය 2018.12.05 වන දින බළකාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරි, ඒකක අණදෙන නිළධාරින් හා සේවා වනිතා ශාඛා ගරු සභාපතිනිය වරුණි උභයවර්ධන ප්‍රමුඛ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම මධ්‍යස්ථාන කොනොනි සමාජ ශාලාවේදි පවත්වන ලදි. එහිදි අප රෙජිමේන්තුවේ සෙසු නිළයින්ගේ දුවා දරුවන් විසින් තම ගායන, නර්ථන, නිවේදන හැකියාවන් එළි දැක්වීමේ ප්‍රසංගයක් පවත්වමින් උත්සව අවස්ථාව වර්ණවත් කරන ලදි.
04th October 2018 11:26:04 Hours
මෙම මධ්‍යස්ථාන සේවාවනිතා ශාඛා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණිය ඇතුළු සාමාජික/සාමාජිකාවන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් බෝ නොවන රෝගවලින් වැළකීම හා පිළිකා කල් තියා හදුනාගැනීම පිළිබද දේශනයක් විශෙෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි එමිබීබීඑස් (කොළඹ) එමිඑස්සී, එමිඞී තුමන් විසින් මෙම රෙජිමේන්තු නිළධාරි නිවස්නයේදී 2018.09.30 වන දින පවත්වන ලදී. මෙම දේශනයෙහි සියලූ සංවිධාන කටයුතු 6 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදුකරන ලදී.
28th August 2018 14:45:29 Hours
මෙම රෙජිමේන්තු 18 වන වාර්ෂික මහා සභා රැස්වීම 2018.08.26 වන දින මෙම ශාඛා ගරු සභාපතිතුමියගේ පර8හාධානත්වයෙන් හා හිටපු සභාපතින්යන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා මෙම ශාඛා සමාජිකාවන් 40 ගේ සහභාගීත්වයෙන් යුතුව රෙම: නිළධාරී නිවස්නයේදී පවත්වන ලදි.
14th June 2018 14:20:12 Hours
06th April 2018 10:17:29 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවා වනිතා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ හා සාමාජිකයින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ගිරිතලේ දඹුළු කැලෑගම දිළිදු ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් 69ක් සදහා රු: 271742.00 ක පමණ වටිනාමකින් යුත් බුද්ධ ප්‍රථිමා වහන්සේලා ප්‍රධානය කිරිම, පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් හා පැල බෙදාදිමේ උත්සවයක් 2018.03.30 වන දින සෑගල රජමහ විහාරස්ථානයේදි පැවැත්වු අතර එයට සමගාමිව බටහිර වෛද්‍ය සායනයක් හා දේශිය වෛද්‍ය සායනයක් පවත්වන ලදි. මේ සදහා පූර්ණ අනුග්‍රහය 2 ශ්‍රිලයුපොහේබ වෙතින් සිදු කරන ලදී.
05th March 2018 18:06:03 Hours
ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සේවාවනිතා ශාඛා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ හා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව අභිමංසල සුවසහන මධ්‍යස්ථානය 11 කඹුරුපිටියහි නේවාසිකව ප‍්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ සංචාරයක් 2018/02/24 වන දින එම සුවසහන මධ්‍යස්ථානයේදී සිදුකරනු ලැබූ අතර, එහි ප‍්‍රතිකාර ලබන රණවිරුවන් 41 කු සදහා ඔවුන්ගේ දෛනික පරිභෝජනයට අවැසි රු.94300.00 ක් වටිනා භාණ්ඩ සහ සියලුම නිළයින්ගේ ප‍්‍රයෝජනය සදහා රු.9800.00 ක වටිනාකමින් යුත් විදුලි ස්ති‍්‍රක්ක 07 ක් පරිත්‍යාග කරන ලදී.මෙහි සියලු සංවිධාන කටයුතු 1 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදු කරන ලද අතර එහි අධීක්‍ෂණය එම ඒකක අණදෙන නිළධාරී තුමන්ගේ බිරිද වන නිරෝෂා මුණසිංහ මැතිණිය විසින් සිදු කරන ලදී.