27th April 2022 10:16:07 Hours
මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් මෙන්ම ඉනපෙ (මුලතිව්) ආඥාපති වන මේජර් ජෙනරල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්්‍ය නිලධාරි, සේවා වනිතා ශාඛා ගරු සාමාජිකාවන්, කාන්තා නිළධාරිණියන්, සෙසුනිළ බිරින්දෑවරුන්, හා කාන්තා සෙබළියන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව මනෝවිද්යාිඥ භාග්‍යා දේශප්‍රිය මැතිණිය විසින් පවත්වන ලද කාන්තා දිනය වෙනුවෙන් වූ හරවත් දේශනයක් 2022.03.20 වන දින හෝරා 0900 සිට හෝරා 1130 දක්වා වූ කාලය තුළ රෙමපොහේබ කෝප්‍රල් සමාජ ශාලාවේදී පවත්වන ලදී. එහිදී සහභාගී වූ අයවලුන් වෙනුවෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ මුදල් පසුම්බිය බැගින් ත්‍යාග බෙදාදීම සිදුකරන ලද අතර මෙහි සියලුම සංවිධාන කටයුතු සහ අනුග්‍රාහක දායකත්වය 5 ශ්‍රීලයුපොහේබ වෙතින් සිදු කරන ලදී.
14th September 2021 22:29:08 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව එක්ව සංවිධානය කරන ලද පනාගොඩ කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහනෙහි කාර්යය මණ්ඩලය සහ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් කෙටි ආහාර ලබාදීමේ වැඩසටහන 2021 සැප්තැම්බර් මස 10 වන දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි වන ලදි.
14th September 2021 22:13:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වූ සිවිල් සේවක මහත්ම/මහත්මීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන 2021 සැප්තැම්බර් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. බලකාධිපති තුමාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සිවිල් සේවක මහත්ම මහත්මීන් 08 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන් රාජකාරි කරනු ලබන ආයතනයන්හි නියෝජිතයන් වෙත පරිත්‍යාග කිරීම සිදු කරන ලද අතර, එම ද්‍රව්‍ය කඩිනමින් සිවිල් සේවක මහත්ම/මහත්මීන් වෙත බෙදාහැරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි.
20th December 2020 09:44:02 Hours
31st August 2020 17:53:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ 20 වන වාර්ෂික මහා සභා රැස්විම 2020.08.29 වන දින හෝරා 0900ට රෙම ශ්‍රීලයුපොහේබ නිලධාරි නිවස්නයේදි ගරු සභාපතිනි රත්නමාලි ප්‍රේමලාල් මැතිණිය හා හිටපු සභාපති තුමියන් 08 දෙනෙකු ඇතුලු සමාජිකාවන් 46 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව පවත්වන ලදි.
05th May 2020 23:38:08 Hours
16th October 2019 13:14:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවීධානය කරණු ලබන මාසික වැඩසටහන් මාලාවට අනුව 3 ශ්‍රීලයුපොහේබ අනුග්‍රහක දායකත්වය යටතේ ඞීම්රෝන් ආයතනයේ සහයෝගය ලබාගනිමින් රුපලාවන්‍ය හා කොන්ඩා සැකසිම පිළිබද එක් දින වැඩමුලූවක් 2019.10.05 වන දින රෙම ශ්‍රීලයුපොහේබ කෝප්‍රල් සමාජශාලාවේදි පැවති අතර ඒ සදහා සේවා වනිතා ශාඛා සභාපතිතුමිය ඇතුලූ රණවිරු බිරින්දෑවරුන් හා රණවිරුවන් 150 දෙනෙකු සහභාගි වන ලදී.
16th October 2019 11:05:41 Hours
වාර්ෂික පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සවය 2019/10/13 වන දින මෙම රෙජිමේන්තු බලකාධිපති හා භකාස ආඥාපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් රෙම ශ්‍රීපයුපොහේබහිදි පවත්වනු ලැබිය.
06th August 2019 11:18:29 Hours
01st August 2019 14:36:57 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව 2019/06/21 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන අයවලුන් උදෙසා දිවා ආහාර වේලක්ද ඔවුන්ගේ සුභසාධනය සඳහා භාණ්ඩ හා උපකරන ලබාදීමක් සිදුකරන ලද අතර, ඒ සඳහා 4 පොහේබ වෙතින් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදි.