14th December 2025 16:15:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව, එහි අඛණ්ඩ සුභසාධන වැඩසටහන් වලට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මඟ පෙන්වීම යටතේ 2025 දෙසැම්බර් 11 වන දින මත්තේගොඩ කැමිලා පාසලේ නේවාසික සිසුන් සඳහා සංගීත වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කැමිලා පාසලේ සිසුන්ගේ නර්තන ප්‍රසංගයකින් වැඩසටහන ආරම්භ සනිටුහන් විය. ඉන් අනතුරුව වියළි සලාක, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සහ ඖෂධ පරිත්‍යාගයක් ද පාසලට භාර දෙන ලදී.
සමූහ ඡායාරූපයක් සහ දරුවන් සදහා දිවා ආහාරය පිළිගැන්වීමෙන් උත්සවය අවසන් විය. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගී වූහ.