08th December 2025 21:59:22 Hours
දිවයින පුරා මෑතකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සාමාජිකයින් හට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් සිදුකරන ලදී. මේ සදහා සෙබළියන් 5 දෙනෙකු, ළදරුවන් සිටින පවුල් 6 ක් සහ ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් තවත් පවුල් 6 ක් ඇතුළත් විය.
පීඩාවට පත් වූ පවුල්වලට ක්ෂණික සහන සහ සහයෝගය ලැබෙන බව සහතික කරමින්, ඇඳුම් පැළඳුම්, වෛද්‍ය සැපයුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ළදරු රැකවරණ නිෂ්පාදන, ළදරු ආහාර ද්‍රව්‍ය සහ ගෘහ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඇතුළත් විය.