Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ "A" කණ්ඩායම යටතේ තරග කිරිමේ සුදුසුකම් ලැබිමේ තරගය

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ "A" කණ්ඩායම යටතේ තරග කිරිමේ සුදුසුකම් ලැබිමේ තරගය 2018.09.08 වන දින පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගනයේදි අප රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම හා රෙම ශ්‍රීලයුසේබ ක්‍රිකට් කණ්ඩායම අතර පවත්වන ලද අතර, එහිදි කාසියේ වාසිය දිනු රෙම ශ්‍රීලයුසේබ ක්‍රිකට් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමට තීරනය කර පන්දු වාර 50 ක් අවසානයේ කඩුලූ 09 ක් දැවි ලකුණු 207 ක් රැස්කර ගන්නා ලද අතර, ඉන් අනතුරුව අප රෙජිමේන්තු ක්‍රිිකට් කණ්ඩායම පන්දු වාර 49 කදි කඩුලූ 06 පමණක් දැවි අදාළ තරගාවලිය විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය ඉදිරියේදි අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරග සදහා "A" කණ්ඩායම යටතේ තරග කිරිමට සුදුසුකම් ලබා ගන්නා ලදි.

Sinhala

ජාතික ජළ ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබු ප්‍රවීනයන්ගේ කෙටි දුර තරගාවලිය

ජාතික ජළ ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබු ප්‍රවීනයන්ගේ කෙටි දුර තරගාවලියක් 2018.08.05 වන දින කොළඹ තර්ස්ටන් විද්යාගලීයේදී පවත්වන ලද අතර, එහිදී මෙම රෙජිමේන්තුව වෙත අයත් පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වී පහත දක්වා ඇති පරිදි ජයග්‍රහන ලබාගෙන ඇත.

Sinhala

ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය වෙතින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා දිය පන්දු තරඟාවලිය

ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය වෙතින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා දිය පන්දු තරඟාවලිය 2018.07.10, 11, 12 හා 13 යන දිනයන් හිදි රත්මලාන ගුවන් හමුදා පිහිණුම් තටාකයේදී පවත්වන ලද අතර, එහිදී යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ පිරිමි කණ්ඩායම සඳහා මෙම රෙජිමේන්තුවේ පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු ක්‍රීඩාක/ක්‍රීඩිකාවන් සහභාගී වි සමස්ථ තරඟාවලියේ අනු ශූරතාවය දිනාගෙන ඇත.

Sinhala

33 වන ශ‍්‍රී ලංකා ජාතික ඔරු පැදිමේ තරගාවලිය

33 වන ශ‍්‍රී ලංකා ජාතික ඔරු පැදිමේ තරගාවලිය 2018 අපේ‍්‍රල් මස 22 වන දින දියවන්නා ඔය පරිශ‍්‍රයේදි පවත්වන ලදි. මෙම තරගාවලිය සඳහා යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් අප රෙජිමේන්තු සෙබල/සෙබලියන් සහභාගි වන ලදි. සමස්ත තරගාවලියේ ශූරයන් බවට පත්වීමට යුද්ධ හමුදා කණ්ඩායම හැකියාව ලැබුනු අතර, මෙහිදි අප රෙජිමේන්තු ක‍්‍රීඩාක/ක‍්‍රීඩිකාවන් තමන්ගේ හැකියාවන් මනාව පිළිබිඹු කරන ලදි.

Sinhala

විනයාරක්‍ෂකයින්ගේ අභිමානය කරාතේ කි‍්‍රඩාව තුලින්

යුද්ධ හමුදාව තුල විනයාරක්‍ෂකයින්ගේ අභිමානය විදහා දක්වන්නට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කරාතේ කණ්ඩායම නියෝජනය කරන සෙ/679044 කෝප‍්‍රල් විමලසිරි එම්ජිඑස් - 3 පොහේබ කොනොනි ආරක්‍ෂක සේවා කරාතේ තරගාවලිය - 2018 දි විශිෂ්ට දස්කම් දක්වමින් කුමිතේ 84 බර පන්තියේ පලමුවන ස්ථානය දිනාගත් අතර, සෙ/679073 ලා/කෝ ධනුස්ක බීකේ - 3 පොහේබ කුමිතේ 84 බර පන්තියෙන් පලමු ස්ථානය දිනාගන්නා ලදි.

Sinhala

9 වන ආරක්ෂක සේවා පිහිනුම් තරගාවලිය

9 වන ආරක්‍ෂක සේවා පිහිනුම් තරගාවලිය 2018/07/09-10 රත්මලාන ගුවන් හමුදා පිහිනුම් තටාකය හිදි පවත්වන ලද අතර එහිදි සෙ/679042 කෝප්‍රල් ඡයසිංහ TMCL – 3 ශ්‍රීලයුහපොහේබ යන කොනොනි මීටර් 50 ළය ආර ප්‍රථම ස්ථානය, මීටර් 100 ළය ආර ප්‍රථම ස්ථානය හා මීටර් 200 ළය ආර ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

Sinhala

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය

මෙම රෙජිමේන්තුව වෙත අයත් සෙ/678875 ලා/කෝ දුලාන් කේඒඑස් යන කොනොනි 2018.07.20 හා 21 යන දිනයන්හිදි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පැවති ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේ හෙල්ල නිසි කිරිමේ තරගයට සහභාගි වී ඉන් දෙවන ස්ථානය දිනා ගනිමින් මෙම රෙජිමේන්තුව වෙත අභිමානයක් ගෙන දෙන ලදී

Sinhala

ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක තරගාවලිය

ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක තරගාවලිය 2018/05/10 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදි පවත්වන ලද අතර එහිදි මෙම රෙජිමේන්තුව නියෝජනය කරමින් සෙ/679443 ලා/කෝ රාජකරුණා ආර්ඩබ්එම්එස්බි යන කොනොනි ගුවන් හමුදාව පරාජය කරමින් 64 kg බර පංතිය යටතේ වට 03 ට 0 ක් ලෙස ජයග්‍රහණය කරමින් වසර 10 කට පසුව යුද්ධ හමුදාවට කීර්තියක් ගෙන දෙන ලදී.

Sinhala

තුන්වන යුද්ධ හමුදා තුන්ප්‍රයාම තරගාවලිය - 2018

තුන්වන යුද්ධ හමුදා තුන්ප්‍රයාම තරගාවලිය 2018 අප්‍රෙල් මස 09 වන දින හික්කඩුව පැරාලිය මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්වු අතර මෙම රෙජිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 04 දෙනෙකු සහභාගි වූ අතර එහිදි කෝප්‍රල් අබේසිංහ එච්එම්එන්එච් යන කොනොනි සමස්ථ තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

Sinhala

අන්තර් රෙජිමේන්තු ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලිය - 2018

අන්තර් රෙජිමේන්තු ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලිය 2018 මාර්තු මස 20 වන දින සිට 23 වන දින දක්වා යුද්ධ හමුදා ජනපදය පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පවත්වන ලදි. මෙම තරගාවලියේදි කිලෝ ග්‍රෑම් 91 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් සහභාගි වු ලා/කෝ ශානික එන්ඒවයිඑම් - 1 ශ්‍රීලයුහපොහේබ විසින් තුන්වන ස්ථානය දිනා ගන්නා ලදි.

Sinhala